- මිල්කන් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජික කර්ටිස් චින් සමඟ පැවැති සංවාදයකදී 'ඉන්දියන් සාගර සියවස' ගැන මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක්
ගෝලීය ආර්ථිකයේ ප්‍රමුඛ භූමිකාවකට මීළඟ තරුණ පරම්පරාව සූදානම් කිරීම සඳහා නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය පෙරට ගැනීමට ඇරයුමක්
ලෝකය මේ වන විට "ඉන්දියන් සාගර සියවස" (Indian Ocean Century) ලෙස හැඳින්විය හැකි නව උපායමාර්ගික යුගයකට අවතීර්ණ වෙමින් පවතින බැවින්, ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකානු කලාපයන් එකිනෙක යා කරන ප්‍රධානතම ආර්ථික සම්බන්ධක පුරුක බවට ශ්‍රී ලංකාව පත්කිරීමට වහාම පෙරමුණ ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.
සිංගප්පූරුවේ පැවැති ගෝලීය පෙරදිග ආර්ථික සහයෝගිතා (GEC) සමුළුව අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
ඉන්දියන් සාගර සියවස සහ භූදේශපාලන දැක්ම
කලාපයේ වර්ධනය වන ආර්ථික හා උපායමාර්ගික බලපෑම හේතුවෙන් ඉදිරි සියවස පුරාම ඉන්දියන් සාගර කලාපය ලෝක දේශපාලනයේ කේන්ද්‍රස්ථානයක් වන බව ඔහු මෙහිදී අවධාරණය කෙරුණි.
ගෝලීය පාලම:
මිල්කන් ආයතනයේ (Milken Institute) ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ සභාපති සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) හිටපු ඇමරිකානු නියෝජිත කර්ටිස් එස්. චින් සමඟ පැවැති සංවාද මණ්ඩපයකට එක්වෙමින් නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නේ, ශක්තිමත් සම්බන්ධතාවක් සහ ආර්ථික සහයෝගිතාවක් තුළින් ලොව ප්‍රධාන ආර්ථික කලාපයන් අතර විශ්වාසනීය පාලමක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීම සිය මුලික දැක්ම බවයි.
අතීතයෙන් අනාගතයට:
"ඉන්දියන් සාගරය සියවස් ගණනාවක් පුරා විවිධ ශිෂ්ටාචාරයන් එකිනෙක යා කළ ආකාරයටම, වර්තමානයේදී එමඟින් සමස්ත ලෝකයේම අනාගතය යා කළ යුතුයි" යනුවෙන් ද ඔහු සඳහන් කළේය.
තරුණ පරපුර සහ නවෝත්පාදන අවස්ථා
නව ගෝලීය ආර්ථික අභියෝගයන්ට මුහුණ දීම සඳහා දේශීය තරුණ පරපුර සවිබල ගැන්වීමේ වැදගත්කම ද මෙහිදී මතු විය.
ව්‍යවසායකත්ව ප්‍රවේශය:
ගෝලීය ආර්ථිකය තුළ ප්‍රමුඛ පෙළේ භූමිකාවන් ඉටුකිරීම සඳහා මීළඟ පරම්පරාව වෘත්තීයමය වශයෙන් සූදානම් කළ යුතු බවත්, ඒ සඳහා නවෝත්පාදනය, සහයෝගීතාව සහ ව්‍යවසායකත්වය මඟින් තරුණ පරපුරට වැඩි අවස්ථා නිර්මාණය කරදීම රජයන්හි වගකීමක් වන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.





