- වධයට ලක්වූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් කල්මුණේදී විශේෂ නිල ප්‍රකාශයක්
රැඳවුම් මධ්‍යස්ථානවල රහස්‍ය තොරතුරු සෙවීමට 'ජාතික වැළැක්වීමේ යාන්ත්‍රණය' (National Preventive Mechanism) නමින් විශේෂ කාර්ය සාධක බලකායක් කරළියට
මෙරට පොලිස් ස්ථාන, බන්ධනාගාර, ළමා හා කාන්තා නිවාස මෙන්ම රෝහල්වල පවතින මානසික සෞඛ්‍ය වාට්ටු ඇතුළු සියලුම රැඳවුම් මධ්‍යස්ථාන වෙත පූර්ව දැනුම්දීමකින් තොරව ක්ෂණිකව ඇතුළු වී පරීක්ෂණ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් විශේෂ "ජාතික වැළැක්වීමේ යාන්ත්‍රණ" (National Preventive Mechanism) ඒකකය සක්‍රීය කර තිබේ.
වධයට ලක්වූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කල්මුණේ ප්‍රාදේශීය කාර්යාලය විසින් සංවිධානය කරන ලද විශේෂ නිල සම්මන්ත්‍රණයකදී කොමිසමේ ඉහළ පෙළේ නිලධාරීන් විසින් මෙම තීරණාත්මක තොරතුරු අනාවරණය කරන ලදී.
හදිසි වැටලීම් සහ නව ජාතික යාන්ත්‍රණය
රැඳවුම් මධ්‍යස්ථාන තුළ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ වධයන් වැළැක්වීම සඳහා කොමිෂන් සභාවේ සෘජු අධීක්ෂණ ක්‍රියාවලිය දැන් වඩාත් දැඩි කර ඇත.
රහසිගත පරීක්ෂණ:
මානව හිමිකම් කොමිසමේ සමාලෝචන හා නිරීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි ප්‍රකාශ කළේ, නව යාන්ත්‍රණය යටතේ දිවයින පුරා පිහිටි පොලිසි සහ හිරගෙවල් ඇතුළු ස්ථාන වෙත කොමිසමේ නිලධාරීන් හදිසියේම කඩා වැදී (Sudden Visits) රැඳවියන්ගේ තත්ත්වය නිරීක්ෂණය කරන බවයි.
නිලධාරීන්ගේ වගවීම:
එහිදී අනාවරණය වන කරුණු මත පදනම්ව විශේෂ වාර්තා සකස් කර අදාළ ඉහළම බලධාරීන් වෙත වහාම නීතිමය ක්‍රියාමාර්ග සඳහා යොමු කෙරෙන අතර, රටේ පවතින ආපදා හෝ හදිසි අවස්ථාවන්හිදී ද රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙම ඒකකය සෘජුව මැදිහත් වේ.
FR නඩු සහ නීතිමය ප්‍රතිවිපාක
කිසිදු පාර්ශවයකට කිසිදු හේතුවක් මත පුද්ගලයෙකුට අමානුෂික ලෙස චිත්‍රවධ පැමිණවීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති බව මෙහිදී අවධාරණය කෙරිණි.
විධායකයේ සීමාවන්:
මානව හිමිකම් කොමිසමේ කල්මුණේ ප්‍රාදේශීය සම්බන්ධීකාරක ඒ.සී.ඒ. අසීස් පෙන්වා දුන්නේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර ඇති අන්තර්ජාතික සම්මුතීන්ට අනුව වධය මුළුමනින්ම තහනම් බවයි. රජයේ පරිපාලන හෝ විධායක නිලධාරීන් (Executive Branch) විසින් මෙම නීති උල්ලංඝනය කරමින් රැඳවියන්ට අමානුෂික ලෙස සැලකුවහොත්, ඔවුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් (Fundamental Rights) නඩු පැවරීමට කටයුතු කරන බව හෙළි විය.
සමාජයීය මැදිහත් වීම:මානව හිමිකම් නිලධාරී ප්‍රියංක විජේනායක සහ පී.එම්.එම්. ෆෙරෝස් ගේ මෙහෙයවීමෙන් පැවැත්වුණු මෙම ප්‍රාදේශීය සැසිය සඳහා කලාපයේ පොලිස් නිලධාරීන්, නීති ආධාර කොමිෂන් සභාවේ නියෝජිතයන්, පාසල් විනය කමිටු භාර ගුරුවරුන් සහ රාජ්‍ය නොවන සංවිධාන රැසක ක්‍රියාකාරීහු පිරිසක් එක්ව සිටියහ.
පුවත් වාර්තාකරණය: ෆාරුක් සිහාන්
Journalist-මාධ්‍යවේදී
FAROOK SIHAN(SSHASSAN)
B. F .A (Hons)Diploma-in-journalism(
sihanfarook@yahoo.com, sihanfarook@gmail.com
උපුටා ගැනීම : puthiyakural.lk





