සිද්ධිය යටගැසීමට හමුදා නිලධාරීන් තිහක් පොලිසියට කඩා පැනලා: වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනපතිට ලියයි
යුද හමුදාපතිවරයාගේ නිල රථයට පරිවාරක ලෙස ගමන් ගත් ප්‍රභූ මෝටර් රථයක්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ගමන් ගත් වාහනයේ ගැටී අනතුරක් සිදු කිරීම සහ ඉන් අනතුරුව වැලිකඩ පොලිස් ස්ථානය තුළදී අදාළ පැමිණිල්ල විකෘති කර බලහත්කාරයෙන් අත්සන් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත දැඩි විරෝධතාවක් සහිත ලිපියක් යොමු කර තිබේ.
ආරක්ෂක අංශ විසින් සිවිල් පුරවැසියන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ මූලික අයිතිවාසිකම් මේ අයුරින් පාගා දැමීම රට තුළ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමේ බරපතළ සංඥාවක් බව පෙන්වා දෙන එම සංගමය, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා මේ සඳහා ඍජුව මැදිහත් විය යුතු බව අවධාරණය කරයි.
මෙම අමානුෂික සහ අනීතික හිංසනයට මුහුණ දී ඇත්තේ 'ද මෝනින්' (The Morning) පුවත්පතේ වෙබ් අඩවි කර්තෘ සහ තුර්කි රාජ්‍ය රූපවාහිනියේ (TRT) ශ්‍රී ලංකා නිල ප්‍රවෘත්ති සම්බන්ධීකාරක මාධ්‍යවේදී ලහිරු දොලොස්වල සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ය.
පසුගිය ජූලි 15 වැනිදා රාත්‍රියේ රාජකාරි නිමවා බිරිඳ සහ කුඩා දරු දෙදෙනා සමඟ ඔහු නිවස බලා යමින් සිටියදී, යුද හමුදාපතිවරයාගේ නිල රථය (යුහ 0001) සමඟ ගමන් ගත් යුහ 18035 දරණ ලෑන්ඩ් කෲසර් පරිවාරක රථය පිටුපසින් පැමිණ දොලොස්වල ගේ වාහනයේ ගැටී ඇත. ඉන් නොනැවතුණු පරිවාරක රථයේ සිටි කොමාන්ඩෝ (මේජර්) නිලධාරියා ඇතුළු පිරිස, මාධ්‍යවේදියා සිද්ධිය ජංගම දුරකතනයෙන් පටිගත කිරීමට දැරූ උත්සාහය වළක්වා දරුණු ලෙස තර්ජනය කර ඇති අතර, පසුව වැලිකඩ පොලිසියට ද යුද හමුදා නිලධාරීන් 30ක පමණ පිරිසක් කඩා වැදී නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා පමුණුවා තිබේ.
පැය හතරකට අධික කාලයක් පොලිසිය සහ හමුදාව එක්ව සිදුකළ තර්ජන මධ්‍යයේ, ජංගම දුරකතනයේ තිබූ දර්ශන බලහත්කාරයෙන් මකා දමා, විකෘති කරන ලද පැමිණිල්ලකට (AIB 396/183) අත්සන් ලබාගත් බවට වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ පැහැදිලිව සඳහන් කර ඇත.
රාජකාරි බලතල අනිසි ලෙස භාවිත කරමින් හමුදාවේ කීර්තිනාමයට ද කැළලක් එක් කළ මෙම අනීතික ක්‍රියාවට සම්බන්ධ සියලු නිලධාරීන් සම්බන්ධයෙන් වහාම විධිමත් විනය පරීක්ෂණයක් පවත්වන ලෙස සංගමයේ සභාපති රංග බණ්ඩාරනායක සහ ලේකම් මිතුන් ජයවර්ධන ගේ අත්සනින් යුතුව නිකුත් කළ මෙම ලිපිය මඟින් ඉල්ලා සිටී. ලිපියේ පිටපත් මහජන ආරක්ෂක, ජනමාධ්‍ය අමාත්‍යවරුන්ට මෙන්ම යුද හමුදාපතිවරයාට සහ පොලිස්පතිවරයාට ද යොමු කර ඇත.

යුද හමුදාපතිගේ ප්‍රභූ රථයෙන් මාධ්‍යවේදියකුට අනතුරක්: වැලිකඩ පොලිසියේදී පැමිණිල්ල විකෘති කළ බවට චෝදනා
T
The Leader Desk
July 17, 2026 • 11:07 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මේජර් ජෙනරාල් පරිවාරක රථය මාධ්‍යවේදියාගේ වාහනයේ හප්පා තර්ජනය කරලා
- පසුගිය ජූලි 15 වැනිදා රාත්‍රියේ රාජකාරි නිමවා බිරිඳ සහ කුඩා දරු දෙදෙනා සමඟ ඔහු නිවස බලා යමින් සිටියදී, යුද හමුදාපතිවරයාගේ නිල රථය (යුහ 0001) සමඟ ගමන් ගත් යුහ 18035 දරණ ලෑන්ඩ් කෲසර් පරිවාරක රථය පිටුපසින් පැමිණ දොලොස්වල ගේ වාහනයේ ගැටී ඇත.
- ලිපියේ පිටපත් මහජන ආරක්ෂක, ජනමාධ්‍ය අමාත්‍යවරුන්ට මෙන්ම යුද හමුදාපතිවරයාට සහ පොලිස්පතිවරයාට ද යොමු කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



