සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට 'සමගි ජන බලවේගය' ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය

ඇමතිනී ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් නම් කරන ලෙස ඇය ගේ නීතිඥවරුන් විසින් කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සුදුසු තීරණයක් ප්‍රකාශයට පත්කරන බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය අද (15) විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කළේය.

සිය පෙත්සම පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස ඉල්ලමින් ඩයනා ගමගේ ඇමතිවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අග විනිසුරුවරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් ක‍ර ඇත.

මෙම ඉල්ලීම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනක් ද සිල්වා සහ අචල වෙංගප්පූලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ සලකා බැලිණි.

එහි දී ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා කරුණු දක්වමින්, දේශපාලන පක්ෂවල සාමාජිකයන් ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු රාශියක් ප්‍රකාශයට පත්කර තිබෙන බව පෙන්වා දී තිබේ.

තම සේවාදායිකාව නෙරපීමට පෙර ඇයට සාධාරණ විනය පරීක්ෂණයක් ලබාදීමට වගඋත්තරකරුවන් කටයුතු කර නොමැති බවත් එබැවින් මෙය මහජන වැදගත්කමක් සහිත නඩුකරයක් සේ සලකා අදාළ පෙත්සම පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බැලීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය. 

(adaderana.lk)


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image