රජයේ ප්‍රධාන අරමුණ බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය පවසයි.
කොළඹ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයේ (ICTA) ඊයේ (27) පැවැති විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
රාජ්‍ය සේවය බැංකු පද්ධතියක් මෙන් ජාලගත කෙරේ
සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් ආර්ථික ක්‍රියාකාරකම් සිදු කිරීම මඟින් කාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය සහ ආදායම් වර්ධනය ඉහළ නැංවීම ඩිජිටල් ආර්ථික සංවර්ධනයේ මූලික පදනම බව ආචාර්ය විජේසූරිය මෙහිදී පෙන්වා දුන්නේය.
"ඉදිරි වසර තුනක කාලය තුළ රාජ්‍ය ආයතන අතර සිදුවන ගනුදෙනු, වර්තමාන බැංකු පද්ධතියක් මෙන් සම්පූර්ණයෙන්ම ජාලගත ඩිජිටල් පද්ධතියක් මත ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා. රාජ්‍ය ආයතන පද්ධතිය ඩිජිටල්කරණය කරමින් කාර්යක්ෂම සහ ගුණාත්මක රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීම මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණයි." - ආචාර්ය හාන්ස් විජේසූරිය
"Champions Network" සහ PIC-NET ඇරඹෙයි
මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ “මහජන සේවා ප්‍රශස්තකරණයට බලපෑම් කළ හැකි ආයතනික නියමු ජාලය” (PIC-NET) පිහිටුවීමේ පළමු පියවර වශයෙනි. මේ යටතේ රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්ද මෙහිදී පැවැත්විණි.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද 3/2026 දරන චක්‍රලේඛය ප්‍රකාරව, රාජ්‍ය ආයතන තුළ මෙම පරිවර්තනය මෙහෙයවීම සඳහා වන “Champions Network” බලකාය වෙනුවෙන් සුදුසු නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීමද මේ වන විට ආරම්භ කර ඇත.
එකම තොරතුර නැවත නැවත දීමෙන් නිදහස් වන පද්ධතියක්
මෙහිදී PIC-NET වැඩසටහනේ අනාගත සැලසුම් පිළිබඳව දැනුවත් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය රනිල් පීරිස් සඳහන් කළේ, රාජ්‍ය සේවා සම්පූර්ණයෙන්ම ඩිජිටල් කිරීම හරහා පුරවැසියන්ට තම තොරතුරු විවිධ ආයතන වෙත නැවත නැවත ලබාදීමට සිදු නොවන ඒකාබද්ධ පද්ධතියක් රට තුළ බිහිවන බවයි.
ඉදිරි වසර කිහිපය තුළ රටේ සියලු රාජ්‍ය ආයතනවල සිදුවන මෙම අති දැවැන්ත තාක්ෂණික පරිවර්තනය සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ආචාර්ය හාන්ස් විජේසූරිය වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම ජාතික වැඩසටහන ජනාධිපති කාර්යාලය, GovTech Sri Lanka, KPMG ආයතනය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය හා තාක්ෂණික සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කරනු ලබයි.




