34 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක නියෝජනය කරන
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000කගේ සහභාගිත්වයෙන්.

අද (16) සිට ලබන 19 වැනි දින දක්වා පැවැත්වෙන මේ සිවුදින ක්‍රීඩා උළෙල හැඳින්වෙන්නේ ‘තාරුණ්‍යයේ ක්‍රීඩා හැකියාවන් උරගා බැලෙන සිවු දිග යා කෙරෙන මහා ක්‍රීඩා මංගල්‍යය’ ලෙස.

වයස අවුරුදු 15ත් 29ත් අතර තරුණ තරුණියන් සඳහා මේ ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ වයස අවුරුදු 20න් ඉහළ සහ පහළ වශයෙන් තරග අංශ දෙකකින්.
 
ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවු දෙනාට රුපියල් 2,50000 බැගින්ද, ශූරතාව දිනා ගන්නා දිස්ත්‍රික්කයට රුපියල් 200000ක්ද, අනුශූරතාවට රුපියල් 150000ක්ද, තෙවැනි ස්ථානය සඳහා රුපියල් 100000ක්ද කුසලාන ද පිරිනැමීමටයි නියමිත.
 
මීට අමතරව මේ ක්‍රීඩා උළෙලේ පිහිටුවන වාර්තා වෙනුවෙන් ද මුදලින් ත්‍යාග පිරිනැමීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා. ඒ අනුව ක්‍රීඩා උළෙලේ තරග වාර්තාවක් සඳහා රුපියල් 10,000ක්ද, ජාතික වාර්තාවක් වෙනුවෙන් රුපියල් 50,000ක්ද, කණ්ඩායම් තරග ශූරතාවට රුපියල් 35,000ක්ද, එහි අනුශුරතාවට රුපියල් 30,000ක්ද, තෙවැනි ස්ථානයට රුපියල් 25,000ක්ද ප්‍රදානය කරන බව සංවිධායකයින් දන්වා සිටිනවා.

youth 678x381
 
34 වැනි වතාවටත් පැවැත්වෙන මේ ජාතික යෞවන ක්‍රීඩා උළෙල සංවිධානය කරන්නේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය ඒකාබද්ධව.
 
ආසියානු හා ජාතික තරග බිමේ දස්කම් ප්‍රදර්ශනය කළ සයුරි ලක්ෂිමා මෙන්ඩිස් ක්‍රීඩිකාව හා ජාතික තලයේ දස්කම් පෑ බී.ඒ.එස්.කේ.ඩයස් ක්‍රීඩකයා විසින් මෙවර ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන දැල්වීමට නියමිතයි.
 
ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය ලබන 19 වැනිදා සිදුවන්නේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ ප්‍රධානත්වයෙන්. ජාතික තරුණ සේවා සභාවේ තරුණ සේවා අධ්‍යක්ෂ ජනරාල්/සභාපති පසිඳු ගුණරත්න ද මේ අවස්ථාවන්ට සහභාගි වනවා.
 
සටහන :
පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image