තමා එකෙකුටවත් බය නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.


තනියම වුණත් මුහුණ දෙන්නට තමා සූදානම් බවද විපක්ෂනායකවරයා කීවේ ය.

මුං හිවල්ලු ටිකක් ඉන්නේ යනුවෙන්ද විපක්ෂනායකවරයා කීය.

පක්ෂ නායකවරයා සභාව අමතද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඝෝෂා කරන විට ඊට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රේමදාස මේ බව කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායක වරයා මෙසේ සඳහන් කළේය.

"ගරු කථානායක තුමා එකක් මම කියන්න කැමතියි. මගේ ප්‍රශ්නය අතරතුර ඔබතුමා ඉඩදුන්නා එක එක්කෙනාට පොයින්ට් ඔෆ් ඕඩර්ස් ඉදිරිපත් කරලා මගේ ප්‍රශ්නයට බාධා කරන්න. මම එකක් කියන්න කැමතියි. කරුණාකරලා මයික් එක ඕෆ් කරන්නත් එපා ස්ක්‍රීන් එක ඕෆ් කරන්නත් එපා. මම ඔබතුමාට කියන්න කැමතියි. මේ හැමකෙනාටම කියන්න කැමතියි මේ එකෙකුටවත් මම බය නෑ. ඕනම කෙනෙකුට තනියම වුණත් මූන දෙන්නම්. එකෙකුටවත් බය නෑ. පුළුවන් නම් එනවා. මුන් නරි ටිකක් ඉන්නේ. මුන් හිවල්ලු ටිකක් ඉන්නේ. "



ශෙහාන්ගෙන් සජිත්ට චෝදනා ...

මේ අතර පාර්ලිමේන්තුව ඇමතු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී අද (21) පැවසුයේ, විපක්ෂනායකවරයා අද මේ සභාව භාවිත  කරන්නේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් නොව ජනප්‍රිය දේශපාලන කාරණා වෙනුවෙන් බවයි. 

විපක්ෂ නායකවරයා මැති සබයේ කාලය අවභාවිත කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, එය පාලනයට පියවර ගත යුතු බවද ප්‍රකාශ කළේය.

ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

'' විපක්ෂ නායකතුමා 27(2) යටතේ ප්‍රශ්න ඇසීමේදී වෙනත් දේවල් කතා කරලා තමයි අදාළ කාරණාට යන්නේ. 27 (2) යටතේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට විනයක් හඳුන්වා දෙන්න ඕන. රටේ සැබෑ ප්‍රශ්නවලට මේ සභාව භාවිත කරන්නේ නැහැ. ජනප්‍රිය කාරණාවලට විතරයි අද භාවිත වෙන්නේ. විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ කාලය අවභාවිත කරනවා.

විපක්ෂ නායක:

කාටවත් මම බය නැහැ. මගෙන් උදුර ගත්ත ප්‍රශ්නය ඔයාගේ මේසය  ළඟට ආවා.

රටේ ඩොලර් හිඟයක් තියෙනවා. මේ රටේ හොරාකාපු සල්ලි ටික ගෙන ගන්නයි මම නැගිට්ටේ. අපි නිවටයෝ නොවෙයි කිසිම කෙනෙකුට බය නෑ.

ශෙහාන් සේමසිංහ :

මේ විදිහට හැම මන්ත්‍රීවරයෙකුගේම නම කියලා විපක්ෂනායකවරයා චෝදනා කරනවා නම් ඒක ලොකු ගැටලුවක්. මගේ නමත් කිව්වා.  මගේ වරප්‍රසාදයක් කඩ වෙනවා. දකින දකින කෙනාට චෝදනා කරනවා. මේ විදිහට මේ සභාව ගෙනියන්න බැහැ.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image