leader s

ආර්ථිකය සම්බන්ධයෙන් එල්ලවන සියලු චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ පැවසූවේ අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.

එක එක අයගේ අයිතිය නැති කිරීමට කතා කරන උදවිය එදා කටයුතු කරපු ආකාරය හොඳට මතක යැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා, චෝදනාවක් නැගූ පමණින් මඩ වලට උත්තර දීමට මඩ ඇල්ලීමට අවශ්‍ය දැයි ප්‍රශ්න කළේය.

මඩ ගහන අයගේ අත්වල අනිවාර්යෙන්ම මඩ ගෑවෙන බවත් කාගේ හෝ අයිතියක් නැති කිරීමට කතා කරන අය මුලින්ම  ජනතාවගේ අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවත්ඔ ඔහු කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙසේ පැවසිය.

"ගරු නියෝජ්‍ය කථානායකතුමනි මේ සභාවේදී ආර්ථිකය සම්බන්ධව අපිට විශාල චෝදනාවක් නැගුනා. හැම චෝදනාවක්ම අපි ප්‍රතික්ශේප කරනවා. දැන් එක එක අයගේ අයිතීන් නැතිකරන්න කතාකරන උදවියත් ඒ කාලේ කරපුවා අපිට මතකයි. හැබැයි චෝදනාවක් නැගුව පමණින් මඩවලට උත්තර දෙන්න අපිත් ආයේ මඩ අල්ලන්න අවශ්‍යද? ඉතින් ඒ නිසා අපිට ඒ අයට කියන්න තියෙන්නේ මඩ ගහන අයගේ අත්වල මඩ ගෑවෙයි. කාගේහරි අයිතියක් නැතිකරන්න කතාකරන අය අඩුම රටේ ජනතාවගේ අයිතිය තහවුරු කරගන්න වැඩකරලා ඉන්න. අපි ඉතිහාසය පුරා ජනතාවට ජීවිත අයිතිය සුරක්ෂිත කරන තැන ඉඳන් අපි යුතුකම ඉටුකරලා තියෙනවා. ඒ නිසා නැතිකරන්න කතාකරන අයට අයිතියක් රැකදෙන අමාරු බව දැන්වත් වටහාගන්න කියලයි ඉල්ලන්නේ."

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්