වාරිමාර්ග අමාත්‍ය ලෙස පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරියත්,  ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ලෙස හරීන් ප්‍රනාන්දු

අමාත්‍යවරයා ත්  මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූහ.

ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබිය.

අද (27) පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවති කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් ඊට අදාල ලිපිය රොෂාන් රණසිංහ වෙත බාරදී තිබිණ.

කැබිනට් සාකච්ඡාවකින් පසු ඇමතිවරයෙක් සියධූරයෙන් ඉවත් කළ පළමු ජනාධිපතිවරයා ලෙස ජනාධිපති වික්‍රමසිංහ ඉතිහාසගත වනු ඇතිබව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුන් පැවසිය.

 

සබැඳි පුවත්

කැබිනට්ටුවෙන් ඉවත්කිරීමට පෙර ජනාධිපති ගෙන් රොෂාන්ට ප්‍රශ්න දෙකක්
රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් දොට්ට


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image