කැබිනට් මණ්ඩලයේ දී ගන්නා ලද තීරණයක් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ප්‍රශ්න කරන්නට

හැකියාව තිබේදැයි ජනාධිපති කාර්යාලය නීතිපතිවරයාගෙන් කරුණු විමසා තිබේ.

අයවැය විවාදයේ දී ඇතැම් මන්ත්‍රීවරුන් වරප්‍රසාද ප්‍රශ්න ලෙස අමාත්‍ය මණ්ඩල තීරණ අභියෝගයට ලක් කරන බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් කළ පැමිණිලි සැලකිල්ලට ගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉහත කරුණු විමසන ලෙස ජනාධිපති කාර්යාලයට දැනුම් දුන්නේය.

එවැනි වරප්‍රසාද ප්‍රශ්න මතු කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද අයුතු ලෙස භාවිත කිරීමක් දැයි දැනුම් දෙන ලෙස ද ජනාධිපති කාර්යාලය නීතිපතිවරයාගෙන් කළ විමසීමේ සඳහන්ය.

කැබිනට් මණ්ඩලයේ දී ගන්නා ලද තීරණ සම්බන්ධයෙන් මෙන්ම ජනාධිපතිවරයා ඈඳා ගනිමින් පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්න නැගීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද ජනාධිපති කාර්යාලය නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇත.

(lankadeepa.lk)

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්