හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන්

අධිකරණයට අපහාස වී ඇතැයි සඳහන් කරමින් ඔහුට ඒ සම්බන්ධයෙන් දඩුවම් නියම කරන ලෙස ඉල්ලා නීතිඥවරියක් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

නීතිඥ දිමිත්‍රී ෂීරාෂ් පෙට්රාජලි විසින් ගොනු කොට ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නම් කරනු ලැබ සිටී.

2023 නොවැම්බර් 8 වැනිදා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අභියාචනාධිරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විවේචනය කරමින් කතාවක් පවත්වා ඇති බවත්, මෙම කතාවේ අඩංගු කරුණු වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබෙන බවත් පෙත්සමේ සඳහන් වේ.

එපමණක් නොව හිටපු අමාත්‍යවරයා විසින් කරන ලද චෝදනා වලින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ගේ චරිතයට සහ ඔහුගේ තනතුරුවලට බරපතළ හානියක් අගතියක් සිදුවී ඇති බවද පෙත්සමෙහි දැක්වේ.

එබැවින් වගඋත්තරකාර හිටපු අමාත්‍යවරයාට අධිකරණ අපහාසයට දඩුවම් නොකිරීමට හේතු දක්වන ලෙසට සඳහන් කරමින් නොතීසි නිකුත් කරන ලෙස ද අධිකරණ අපහාසය සම්බන්ධයෙන් දඬුවම් නියම කරන ලෙසද නීතිඥවරිය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.


‘මාව කොටු කරන්න ජනාධිපතිතුමා ලස්සනට ප්ලෑන් කරනවා’ -රොෂාන් රණසිංහ

zdfw454ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පෙරේදා (නොවැම්බර් 27 වැනිදා) පවසා සිටියේ තමන්ව කොටු කර ගැනීම සඳහා සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඊට රටේ විධායකය ද සම්බන්ධ බවයි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේදී පාර්ලිමේන්තුවට පැමිණ තමන්ව කොටු කර ගන්න සැලසුමක් සකස් කළ බවයි. ඒ සම්බන්ධයෙන් සිදුකළ බව කියන මෙහෙයුමද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විස්තර කළේය.

''දැන් ගිය සතියේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මාව ෆ්‍රේම් කරන්න (කොටු කරන්න) ලස්සනට ප්ලෑන් කරනවා

"ජනාධිපතිතුමා ඇවිල්ලා කියනවා මම ගරු අධිකරණයට අපහාස කරනවා කියලා. මම එදා පැහැදිලිවම එදා කිව්වා මේ රටේ ගරු අධිකරණය සහ විනිසුරුවරුන් පිරිසිදුයි කියලා. අධිකරණය ගැන පැහැදිලි විශ්වාසයක් අපිට තියෙනවා. මම එතනදී කිව්වා එක විනිසුරුවරයෙකුගේ ලබැඳියාව ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා."
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්