ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිලිබඳ තීරණාත්මක සාකච්ජාවක්

එජාප නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර අද (12) රාත්‍රී පැවැත්වීමට නියමිතය. ඒ රනිල් වික්‍රමසිංහගේ ආරාධනයක් අනුවය.

එහිදී එක්සත් ජාතික පක්ෂය, සන්ධානයක් ලෙස ඉදිරිපත්වීම සම්බන්ධයෙන් මේවනවිට මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගැනීමට බලාපොරොත්තුවේ.

එසේ එජාප නායකයින් දෙදෙනා අද රාත්‍රී හමුවීමට නියමිතව තිබිය දී රනිල් වික්‍රමසිංහ විසින් සිය හිතවතුන්ට දැනුම් දී ඇත්තේ, එජාප ව්‍යවස්ථාවට අනුව මහ මැතිවරණයක දී එක්සත් ජාතික පක්ෂයේ 'අලියා' ලකුණින් හැර වෙනත් ලකුණකින් ඉදිරිපත්විය නොහැකි බව පක්ෂයේ නීති අංශයේ ප්‍රධානින් තමන් වෙත දැනුම් දී ඇතිබවයි.

මේ සම්බන්ධයෙන් theleader.lk කළ විමසීමක දී එජාප නීති ලේකම්, ජනාධිපති නීතිඥ නිශ්ශංක සේනානායක පැවසුයේ, එජාප ව්‍යවස්ථාවේ ‘අරමුණු ප්‍රතිපත්ති‘ යටතේ වන 2:1 වගන්තියට අනුව එක්සත් ජාතික පක්ෂයේ 'අලියා' ලකුණ නියෝජනය කරන මහජන නියෝජිතයින් සිටිය යුතු බවයි.

 

ව්‍යවස්ථාව වෙනස් කර ගන්න පුළුවන් !

මැතිවරණ ලකුණ සම්බන්ධයෙන් මතුව ඇති වත්මන් තත්වය සම්බන්ධයෙන් theleader.lk  කළ විමසීමක දී සන්ධාන දේශපාලන පිළිබඳ විශේෂඥයකු වන එජාප මන්ත්‍රී මංගල සමරවීර පැවසුයේ, මැතිවරණයට ඉදිරිපත්වන ලකුණ සම්බන්ධයෙන් අර්බුදයක් ඇතිකර ගනිමින් බෙදීමකට නොයායුතු බවයි.

''ව්‍යවස්ථාව සංශෝධනය කරලා හරි අපට මේ ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන්..'' ඔහු සුබවාදීව අවධාරණය කර සිටියේය.

සබැඳි පුවත් :

එජාපෙ සන්ධානයක් වෙනුවෙන් 'සමගි ජන බලවේගය' සජිත්ට බාරදේ ! යන නිව්ස් එකට අදාළ

සජිත් වෙනත් පක්ෂයකට ගිහින් ලු! - රනිල් ගියේ ඊට කලින්: මෙන්න සාක්ෂි'

''බොරු එපා, ලකුණේ ප්‍රශ්නයක් නැහැ. රන්ජිත් එජාප ලේකම් කරන්න" - සජිත්, 'රනිල්-අකිල-රවී' කල්ලියෙන් 'ගේම' ඉල්ලයි !

මම පඹයෙක් ද ? - සජිත් අසයි : 'ලකුණ ප්‍රශ්නයක් නොවේ'' -මංගල කියයි 

මැතිවරණ කොමිසම සමගි ජන බලවේගය පිළිගනී !

අලුත් ගමනක් : එජාපෙ නව සන්ධානයේ ජාතික සංවිධායක චම්පික !

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට සජිත් එකඟයි !

'සජිත්ට මුලික අත්තිවාරම වැටුනා - වෙන්වීමේ අවශ්‍යතාවයක් නැහැ' -කබීර් 

සජිත් පිල කෘත්‍යධිකාරිය වර්ජනය කරයි : මංගල හා මලික් සමගි සන්ධානයක් වෙනුවෙන් සටනක ! 

එජාප නායක රනිල්මයි - විපක්ෂ සන්ධාන නායක හා අගමැති අපේක්ෂක සජිත් !!

එජාප නව නායකයා ගැන 2022 න් පසු විමසන්නැයි රනිල් කියලා ! - එජාප මන්ත්‍රී හමුවේ කතාබහ මෙන්න 

සජිත්ගේ නායකත්වයෙන් නව සන්ධානයක් ! (VIDEO)

'UNP නායකයාගේ බලතල කපන්න ෆයිට් නොකරන්නේ ඇයි?' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ විමසයි

සජිත් එජාප නායක කියා යෝජනාවක් සම්මත කරගෙන !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image