ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුර හිස්ව තැබීමට එම පක්ෂය තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසිය.

අද (16) මධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

"පක්ෂයේ විධායක සභාව කැඳවලා තිබුණා. එහිදී ගතයතු තීන්දු තීරණ සහ දේශපාලන මණ්ඩලයක් පත්කළා." යයි ද මන්ත්‍රීවරයා පැවසිය.

ප්‍රශ්නය:
ප්‍රවෘත්තියක් යනවා බැසිල් රාජපක්ෂ මහත්තයා ඉවත් වුණා කියලා ජාතික සංවිධාකය ධුරයෙන් ?

නාමල් :
"නෑ. එතුමා පක්ෂ සංවිධායක කටයුතු නිර්මාතෘ විදිහටත් කරනවා. දේශපාලන මණ්ඩලයත් නියෝජනය කරනවා. ඉතින් ජාතික සංවිධාක තනතුර හිස්ව තබන්න එතුමා සහ පක්ෂය මතයකට ආවා. ඉදිරියේදී අපි ගන්න දේශපාලන තීන්දු මත ඒකට අවශ්‍ය පුද්ගලයෙකු අපි පත්කරගන්නවා."


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය නව නිලධාරී මණ්ඩලය අද පත්කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී රැස්වූ පක්ෂයේ විධායක සභාව මෙම තීරණවලට එළඹී බව නාමල් රාජපක්ෂ තවදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යළිත් වරක් මහලේකම් ලෙස පත්කර ඇත.

ඊට අමතරව පක්ෂයේ නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි පත්කර තිබේ.

පක්ෂයේ සභාපතිවරයා ලෙස උතුරාවල ධම්මරතන හිමියන් යළි පත්කිරීමටද පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය දේශපාලන මණ්ඩලයටද සාමාජිකයන් පත්කර ඇති අතර, එහිදී නියෝජ්‍ය ජාතික සංවිධායක තනතුරු ද මෙවර නිර්මාණය කර තිබේ.
මෙම තනතුරු සඳහා දෙමළ සහ මුස්ලිම් ජාතිකයකු පසුව තෝරාගැනීමට පක්ෂය අපේක්ෂා කරන බව නාමල් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image