වැඩ බලන පොලිස්පතිවරයා පත් කිරීමට විරුද්ධ වූ බොහෝ ප්‍රසිද්ධ නීතීඥවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන

ගණනින් මුදල් ලබාගන්නා නීතිඥයින් බවට හෙළිවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

'' ඒ අනුව බැලීමේදී මේ පසුපස ඇති සැබෑ වැඩපිළිවෙළ කුමක්ද යන්න පැහැදිලියි. අප මෙයින් ඉවත් කිරීමේ දැඩි අවශ්‍යතාවය පවතින්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ පාතාලයටයි. ඒ වෙනුවෙන් ඒ වැඩපිළිවෙල ඔවුන් ක්‍රියාත්මක කරමින් පවතිනවා'' 

අමාත්‍යවරයා එබව පැවසුයේ, මාතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනකට එක්වෙමිනි.

" කවර තරාතිරමක පුද්ගලයකුගේ හෝ බලපෑමකට පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩ පැවැත්වීමේ මෙහෙයුම් නතර කිරීමට ඉඩ දෙන්නේ නැහැ " යයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් එහිදී අවධාරණය කළේය. 

 

කොළඹ පැවති ගැටලු විසඳීමේදීත්, ඉන් අනතුරුව රටේ ප්‍රශ්න විසඳීම සඳහාත් වඩාත් ගැළපෙන හැකියාව සහිත නිලධාරියා ලෙස වත්මන් වැඩ බලන පොලිස්පතිට ඒ සඳහා අවශ්‍ය හැකියාව පවතින බව තමා විශ්වාස කරන බවත්, රටට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම හැර වෙනත් පෞද්ගලික අවශ්‍යතාවයන් තමන්ට නොමැති බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය. 




දේශබන්දු පොලිස්පති කළේ කොහොම ද? – ‘නීතිඥ සාමූහිකය’ ප්‍රශ්න කරයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නඩු ගණනාවක් විභාග වෙමින් තිබියදී වැඩබලන පොලිස්පතිවරයා ලෙස ඔහුව පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නීති උපදේශක කණ්ඩායමක් වන ‘නීතිඥ සාමූහිකය’ කනස්සල්ල පළකර තිබේ.

හිටපු හමුදා සෙබළෙකුට වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබියදී වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදුන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරයාද වන ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ප්‍රශ්න කරයි.

නීතීඥ එකමුතුව විසින් සෙනසුරාදා (16) කොළඹදී සංවිධානය කරන ලද ජනමාධ්‍ය සාකච්ඡාවකදී උපුල් ජයසූරිය මෙම අදහස් පළකළේය.

වැඩබලන පොලිස්පති තෙන්නකෝන් එම තනතුරට පත්කිරීමේදී ඔහුට නඩු කිහිපයක් තිබූ බවත්, ඔහුට තවදුරටත් මහජන විශ්වාසයක් නොමැති බවත්, පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් උපුල් ජයසූරිය ප්‍රකාශ කළේය.

දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිස වසර ගණනාවකට පෙර පුද්ගලයෙකුට වධහිංසා පැමිණවීමේ චෝදනාවට වරදකරුවන් වූ බැවින්, ඔවුන්ට එරෙහිව වධහිංසා පනත යටතේ චෝදනා ගොනුකිරීම නීතිපතිවරයාගේ වගකීම බවද ඔහු අවධාරණය කළේය.

මෙම වැඩබලන පොලිස්පතිවරයා ජනාධිපතිවරයා විසින් පත්කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කළේ කුමන තත්ත්වයක් යටතේද යන්න එහිදී මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර ප්‍රශ්න කළාය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image