අපේ අධ්‍යාපනය එක පැත්තකට පමණක් ඌනනය වී තිබෙන තත්වයෙන් එළියට යාම සදහා

දහම් පාසැල් අධ්‍යාපනයෙන් ලබා ගතහැකි පිටුවහල විශාල බව පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් පවසයි.

ඔහු එබව කියා සිටියේ, කටුගම්පොල නැදලහමුව ධර්මරාජ දහම් පාසැලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයේ දීය.

මහාචාර්යවරයා තවදුරටත් මෙසේද පැවසිය.

''සාමාන්‍ය පෙළ විභාගයෙන් දරුවන් 14% බුද්ධධර්මය අසමත් ''

'' මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් දරුවන් 14% බුද්ධධර්මය අසමත් වීම පිළිබදව අපේ අවධානය යොමුවිය යුතුයි. මේ තත්වයට හේතුව විෂයමාලා ප්‍රශ්නයක්ද, ගුරු පුහුනුවේ ප්‍රශ්නයක්ද එසේත් නැතිනම් වෙනත් ප්‍රශ්නයක්ද යන කාරණය විමසා බැලිය යුතුයි.

එසේම වත්මන් අධ්‍යාපනයේ තිබෙන තවත් එක් මූලධාර්මික ගැටලුවක් වන්නේ හුදු 'දැනුම' (Knowledge) පිළිබදව පමණක් අවධානයට ගත් අධ්‍යාපනයක් බවට එය පත්වීමයි.

 'කුසලතාවය' ( Skill) සහ 'ආකල්ප' (Attitudes) යන අංශ කෙරෙහි අවධානය යොමු නොකිරීම නිසා අපේ අධ්‍යාපනය එක පැත්තකට පමණක් ඌනනය වී තිබෙනවා. මෙයින් තත්වයෙන් එළියට යාම සදහා දහම් පාසැල් අධ්‍යාපනයෙන් ලබා ගතහැකි පිටුවහල විශාලයි" 

dsfsdf

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image