අපේක්ෂා පිරුණු සතුටු පිරුණු මුහුනු දකිනවිට 2024 වසරේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහනය පිළිබඳව බලාපොරොත්තුවේ නව වසර

වේලාසනින්ම මාතරට පැමිණ තිබෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

ඔහු එබව කියා සිටියේ, මාතර කොටුව මහජන ක්‍රීඩාංගණයේ “ගැහැනු අපි එක මිටට මාලිමාවට” යන තේමාවෙන් ඊයේ  (30) පැවති දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිණි.

ශ්‍රී ලංකාවට බල පෑ හැකි සුනාමි අනතුරු ඇඟවීමේ ප්‍රවෘත්තියක් පෙරවරුවේ විකාශනය වූ බවත්, දහවල් වනවිට එම අනතුරක් නැති බව ප්‍රචාරය කළත් රට වෙනස් කිරීමේ මහා සුනාමියක් මාතරින් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කළ ජාතික ජන බලවේගයේ නායකයා, පසුගිය මාර්තු 09 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයට තිබූ රැල්ලට වඩා මේ වනවිට සුවිශාල සංවිධාන ශක්තියකින් ඉදිරියට පැමිණ සිටින බව අවධාරණය කළේය.

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය ඇතුළු නව සංවිධාන ගණනාවක් ගොඩනගා ගනිමින් 2023 වසරේ තිබූ ශක්තිය අභිබවා ගිය මහා ජනතා ව්‍යාපාරයක් ලෙස ජාතික ජන බලවේගය ඉදිරියට පැමිණ තිබෙන බවත්, එය හුදු ඡන්දය ලබා ගැනීමේ අරමුණ ඉක්මවා ගිය මේ රට පත්ව තිබෙන ඛේදනීය තත්වයෙන් ගොඩ ගැනීමේ මහා බලවේගයක් වී ඇති බව ද ඔහු පැවසීය. 

මෙම බලවේගය තුළ ධෛර්යවන්ත ගැහැනුන් සුවිශාල වහයෙන් අත්වැල් බැඳගෙන ඇති බවත් 2024 වර්ශයේ පවත්වන ඕනෑම මැතිවරණයෙකදී ජාතික ජන බලවේගය ජය ගැනීම පිළිබඳව කිසියම් කුකුසක් පැවතියේනම් මෙම කාන්තා සමුළුව මගින් එම කුකුස මුළුමනින්ම අහවර කර ඇති බව ඔහු කියා සිටියේය. 

anura matara anura matara 2


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image