leader s

සැමට දහසකුත් එකක් පෞද්ගලික අපේක්‍ෂාවන් තිබුණ ද ඒ සියල්ල සාර්ථක කර ගැනීමට නම් මාතෘ භූමිය වර්තමානයේ ඇද වැටී ඇති අර්බුදකාරී

තත්වයෙන් යළි ඉහලට ඔසවා තැබීම අනිවාර්ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා මල් ඇතිරූ සුමුදු මගක් නොව අභියෝගාත්මක දුෂ්කර ගමනක මේ වසරේදීත් යා යුතුව තිබෙන්නේ යැයි ජනාධිපතිවරයා කියා සිටියි.

ජනාධිපතිවරයා එබව සඳහන් කර ඇත්තේ, නව වසර වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

පසුගිය වසර පුරා ජනතාව කළ කැපවීම් සහ ඔවුන් විඳි දුෂ්කරතා නිසා රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමේ මූලික පදනම සාර්ථක කර ගන්නට හැකි වූ බව ද ජනාධිපතිවරයා එම නිවේදනයේ සඳහන් කර තිබේ.

සියලු ලාංකිකයන් වෙත වගකීමක් පැවරෙන අතර රට යළි ගොඩ නැංවීම වෙනුවෙන් ඒ වගකීම නිසි ලෙස හඳුනා ගත යුතුයැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියි.

ජනවාරි මාසයට නම් තැබුණේ ජේනස් නම් දෙවියෙකුගේ නමින් බව පවසන ජනාධිපතිවරයා, ජේනස් දෙවිඳුන්ට ඉදිරිය පමණක් නොව පසුපස ද බැලීමට මුහුණු දෙකක් ඇතැයි සඳහන් වන්නේ යැයිද එහෙයින් අනාගතය දෙස පමණක් නොව අතීතය ද විමසා බලා එකිනෙකාගේ වගකීම් හඳුනා ගත යුතුව ඇතැයි පවසයි.

රට වෙනුවෙන් එම වගකීම් ඉටුකොට මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගන්නට නව වසරේ අදිටන් කර ගනිමු යැයි ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශය කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

415677632 755758869917069 1208995188702410613 n

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්