සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා බවත් මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසිය. 


ජනාධිපතිවරයා එබව කියා සිටියේ, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (04) පැවති යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා එහිදී සහතික විය.

''පසුගිය වසරේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා  ගෙවීමට තිබු සියලු බිල්පත් මේ වන විට ගෙවා අවසන් ''

එමෙන්ම පසුගිය වසරේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණය නිසා ගෙවීමට තිබූ සියලු බිල්පත් මේ වන විට ගෙවා අවසන් කර ඇති බවත් ඉදිරි කාර්තු හතර තුළ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සදහන් කළේය.


එසේම මෙම වසර අවසන් වන විට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන අතර, 2025 දී එය 5%ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ආයෝජනය සඳහා ඩයස්පෝරාවටත් ඇරයුම්

එමෙන්ම නව ආර්ථික කොමිසම ස්ථාපිත කිරීමෙන් පසු ඕනෑම අයෙකුට මෙරටට පැමිණ අයෝජනය කිරීමට අවස්ථාව සැලෙසන බව ද පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඒ සඳහා එක්වීමට විදේශගත ව සිටින ඩයස්පෝරාවට ආරාධනා කර සිටියේය. 
 
උතුරේ බලශක්තිය සුරක්ෂිත කරමින් බලශක්තිය අපනයනය සඳහා රට සූදානම් කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා පුනරීන් බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස ගොඩනඟන බවත් ජනාධිපති වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

''උතුරු පළාත කෘෂිකර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා''
 
උතුරේ කෘෂිකර්මාන්තය නවීකරණයට නතුකරමින් උතුරු පළාත මෙරට කෘෂිකර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සහතික විය. 

උතුරේ ජල ප්‍රශ්නයට විසදුම්  ලබාදීම වෙනුවෙන් ජල යෝජනා ක්‍රම දෙකක් සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබෙන බවත්, මීට පෙර ක්‍රියාත්මක කර තිබූ ජල ව්‍යාපෘති සදහා ගෙවීමට නියමිත මුදල් ද මේ වන විට ලබාදීමට පියවර ගෙන ඇති බවත් ජනාධිපති වික්‍රමසිංහ  සඳහන් කළේය.

මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය  බන්දුල ගුණවර්ධන, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උතුරු පළාත්  ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ධර්මලිංගම් සිද්ධාර්න්, අංගජන් රාමනාදන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, උතුරු පළාත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් එම්. ඉලංගෝවන්, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ප්‍රජා කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති තෙන්නකෝන්, යාපනය දිස්ත්‍රික් ලේකම් අම්බලවාණන් ශිව පාදසුන්දරන්, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් පති රූපාවතී කේතීශ්වරන් සහ උතුරු පළාත නියෝජනය කරන මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් මීට එක්ව සිටියහ.

PJ 1PJ 2pj 3
 


 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්