රතු මුහුද ආරක්ෂා කිරිම සදහා ශ්‍රි ලාංකික නාවික හමුදාව යෙදවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයට කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු විරෝධය පළ කර තිබේ.

එම තීරණය තුලින් ජනපති රනිල් වික්‍රමසිංහ පලස්තීන ජනතාවගේ නිදහස් සටන සම්බන්ධව මෑත කාලීනව දැරු ස්ථාවරය හා මතවාදය සම්බන්ධයෙන් පරස්පරතාවයක් මතු කරන බවයි හිටපු නාගරික මන්ත්‍රී කලීලුර් රහ්මාන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

ජනාධිපතිවරයාගේ තීරණය ගැන පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත විමසා බැලුවහොත් පලස්තීන නිදහස් සටන සම්බන්ධව දෙබිඩි පිළිවෙතක් දරණ දේශපාලන බලවේගයන් වල නිරුවත දැක ගැනිමට හැකි වන බවද හිටපු මන්ත්‍රීවරයාගේ නිවේදනයේ සහන් කර ඇත.

WhatsApp Image 2024 01 07 at 3.34.44 PMහිටපු නාගරික මන්ත්‍රී කලීලුර් රහ්මාන්"එසේම ජනාධිපතිතුමා රතු මුහුද ආරක්ෂා කිරිම සම්බන්ධව නාවුක හමුදාව යෙදවිමට තීරණය කිරිමට ප්‍රථම පාර්ලිමේන්තුව කැදවා ඒ සම්බන්ධව පක්ෂ විපක්ෂ මත විමසා තුනෙන් දෙකක බහුතර කැමත්තකින් නාවුක හමුදාව යෙදවිමට තීන්දු කළහොතින් මෙරට ප්‍රගතිශීලී ජනතාවට පලස්තීන නිදහස් සටන සම්බන්ධව දෙබිඩි පිළිවෙතක් දරණ දේශපාලන බලවේගයන් වල නිරුවත දැක ගැනිමට හැකි වෙවි."
 
 
ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසදා ගැනිමට නොහැකිව තැවෙන වාතාවරණයක් තුල ලක්ෂ සංඛ්‍යාත සේවක පිරිසක් මැදපෙරදිග සේවය කරන බව නොසකලා මෙවැනි තීරණ ගැනිම තුලින් මෙරට ආර්ථික වර්ධන අභියෝගයන් හා අභිලාෂයන් ඉටුකර ගත නොහැකිවනවා සේම මුස්ලිම් රටවල්වල මිතුදම් පලුදු වී යන්නට ඉඩ ඇති බවටයි හිටපු නාගරික මන්ත්‍රී කලීලුර් රහ්මාන් අනතුරු අඟවන්නේ.
 
 
ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ ලෝක භූගෝලීය දේශපාලනයෙන් පරිණත වු පුද්ගලයෙකු බව පවසන හිටපු නාගරික මන්ත්‍රීවරයා මෙරට ආර්ථික වර්ධනය සම්බන්ධව අවධානය යොමුකොට අවුරුදු 75ක දේශපාලන බලය බෙදා ගැනිමේ ගැටලුව නිරාකරණය කර ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ශක්තිමත් රාජ්‍යයක් කරන සිහිනය මල්පල ගන්වන්නා ගැනීමට වෑයම් කරන්නැයි සිය නිවේදනයෙන් ඉල්ලා සිටි.

එසේ නොකොට හව්දි කැරලිකරුවන් රතු මුහුදේ ගමන් මාර්ගය අවහිර කර පලස්තීන ජනතාව මාරයාගෙන් බේරා ගැනිමේ මානුෂිය මුහුණුවරට එරෙහි නොවන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටින කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී කලීලුර් අවුරුදු 75ක පලස්තීන ජනතාවගේ නිදහස සටන වෙනුවෙන් වර්තමානයේදී කේවල් කිරිමේ අරමුණින් හව්දි කැරලිකරුවන් ගෙන යන සටනට මැදපෙරදිග රටවල් බාධා නොකරනවා සේම  නිහඩ පිළිවෙතක් අනුගමනය කිරිම ශ්‍රි ලාංකික ප්‍රගතිශීලී ජනතාවගේ අභිප්‍රාය බව සිය නිවේදයෙන් සඳහන් කර ඇත.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්