හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක සිදුවූ කාන්දුවකින් වායුවක් පරිසරයට මුසුවී තිබේ.

මීට මාස කිහිපයකට පෙර ගිනි ගැනීමකට ලක් වූ අදාළ කර්මාන්ත ශාලාවේ අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටියදී අද අලුයම දෙකට පමණ එකවර එම වායුව දුමාරයක් ලෙස වාතයට එක්ව ඇති බව පොලිසිය පවසයි.

එලෙස පරිසරයට එක්ව ඇත්තේ ක්ලෝරීන් වායුව බවට සැක කෙරේ.

හෝමාගම කර්මාන්තපුරේ අහස දෙසින් සුදු පාටට හුරු දුමාරයක් පිටවන බව පවසන ප්‍රදේශවාසීහු, ක්ලෝරීන්වලට සමාන සුවඳක් දැනෙන බවත් ඒ හේතුවෙන් හුස්ම ගැනීමට අපහසුතාවයක් දැනෙන බවත් පවසති.

එම දුමාරය ප්‍රදේශය පුරා පැතිර යාම හේතුවෙන් මුඛ ආවරණ පළදින ලෙසට සෞඛ්‍ය අංශ හෝමාගම කර්මාන්ත පුරය අවට සිටින ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒ පිළිබද හෝමාගම පොලීසිය විසින්ද කර්මාන්තපුරය අවට ජනතාව මේ වනවිට දැනුවත් කරමින් සිටියි.

කෙසේවෙතත් එම වායු කාන්දුව අලුයම 5.30ට පමණ නතර කිරීමට ගිනි නිවීම්, ආපදා කළමණාකර ඇතුළු අදාළ බලධාරීන් කටයුතු කර ඇත.

6935af80 7973 4b71 9f56 c03e77a772a5

286d12b1 1b05 40b0 ae57 99f1a302852d

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්