රතු රැඩිකල් පක්ෂවල සරදියෙල් න්‍යාය මේ රට තුන්වැනි ලෝකෙන් "යම" ලෝකයට ඇද වට්ටන බව 'මව්බිම ජනතා පක්ෂයේ' නායක හා එම පක්ෂයේ

ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර පවසයි.

ඔහු එබව කියා සිටියේ, මහනුවර සහස් උයනේදි ඊයේ (07) පැවති මහනුවර දිස්ත්‍රීක් සමුලුව අමතමිනි.

තුන්වැනි ලෝකෙන් "යම" ලෝකයට ගෙන යන මෙම රැඩිකල් පක්ෂ හොරු අල්ලලා ඒවා මිනිස්සුන්ට දෙන බවට සිදු කරන ප්‍රකාශ පුහු කතා බව පැවසු 'මව්බිම ජනතා පක්ෂයේ' නායකයා, රට ඉදිරියට යාමට නම් සියලු දෙනා එකතු වු සභ්‍යත්ව මාවතකට යා යුතු බවද පැවසීය.

ජනතාවට යහපත්, අහයපත් ඕනෑම පනතක් පාර්ලිමේන්තුව තුළ සම්මත වන්නේ ප්‍රධාන පක්ෂ කිහිපය එකට එක් වී සිටින නිසා බවත් එහෙත් එය ජනතාවට නොපෙන්වන බවත් ඔහු සඳහන් කළේය.

 
"එදා ආපු රතු පෙළපාලි අද එකක්වත් ගොල්ෆේස් එන්නේ නැහ. ඒ විරෝධතා ඇහෙන්නෙත් නැ. අපි සාම්ප්‍රදායිකව දැක්ක වම දකුණ දේශපාලනයට අද කිසිම ප්‍රවේශයක් ගන්නට ප්‍රවාහයක් නැහැ." යැයිද දිලිත් ජයවීර පැවසිය.
 
එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.


"සියයට 60 කට වැඩි පිරිසක් සාම්ප්‍රදායික කඳවුරුවලින් මිදිලා''

 
"එළියේ තිබෙන දේශපාලන රික්තය නිසා අපිට ස්වභාවධර්මය විසින් ලබාදුන් ආශිර්වාදයක් ළෙස සලකා ශ්‍රි ලංකාවේ දේශපාලනය නව මගකට යොමු කිරීම තමයි අපේ අරමුණ.

අප රටේ ඉතිහාසය පුරාම දේශපාලනය බල කඳවුරු දෙකකට බෙදිල තිබුණා. ඒ කඳවුරු දෙකට තිබුණු ඡන්ද අද වෙනස් වෙලා. සමීක්ෂණ වාර්තාවලින් පැහැදිළිව ප්‍රකාශ කරන්නේ සියයට 60 කට වැඩි පිරිසක් ඒ සාම්ප්‍රදායික කඳවුරුවලින් මිදිලා නව විසඳුමකට එමින් සිටින බව. ඒ නව විසඳුම කුමක්ද. ඒ සදහා කිනම් සාධනීය අවකාශයක් ප්‍රවේශයක් තිබේද කියල තමයි සාකච්ඡා කළ යුත්තේ.

අවලාද මඩ ගැහිලි මැද අපි ඉදිරියට යන්නේ නැහැ. ඉදිරියට ගිහිල්ල තියෙන්නේ සුලු පිරිසක් පමණයි. ශ්‍රි ලංකාවේ තවත් රැකියාවක් හැටියට දේශපාලනයේ නිරතව ඉන්න, මේක වෘත්තියක් විදියට කරගෙන ඉන්න බොහෝ දෙනා මේ දේශපාලනය ඇදගෙන ඇවිත් තියෙනවා මෙතනට. ඒ නිසා තමයි අද රටට මේ තත්වය උද්ගතවෙලා තියෙන්නේ.


 ''අපි සංකල්ප හතරක් ගැන කතා කරනවා. සභ්‍යත්වය, ව්‍යවසායකත්ව රාජ්‍ය, අභිප්‍රෙරණය හා උපාය මාර්ගික සැලස්ම. ඒ තමයි ඒ හතර. අපි කතා කරන්නේ මේ හතර ගැන විතරයි. අපි මේ හතරෙන් එළියට දක්කාගෙන යන්න හදන සියලු සාම්ප්‍රදායික දේශපාලනයන්ට දේශපාලන බලවේගවලට මම නැවත නැවත ආරාධනා කරනවා අපි ඔය මඩ වලට ඇදගෙන යන්න එපා කියල. මම සුදාමින් සිටිනවා අනුර කුමාර සහෝදරයා එක්ක සජීව සාකච්ඡාවකට යන්න. මම නැවත නැවත ඔහුට ආරාධනා කරනවා.

අපිට අවශ්‍ය සාධක අපිම සපුරා ගත යුතුයි. මේ රටේ අද මිනිස්සු දුක්විදින විදිය අපි ඔක්කොම දන්නවා. අන්ත දුගි දුප්පත් තත්වයට රටේ මිනිස්සු සියයට 80ක්ම පත්වෙලා. වැඩිපිරිසකට කරකියා ගන්න දෙයක් නැහ. ලංකාවේ මධ්‍ය පරිමාණ මහාපාරිමාණ සුලු පරිමාණ ව්‍යාපාර සීඝ්‍රයෙන් වැහිල යනවා. පත්තර බලන විට තේරෙනවා ඇති මේ ව්‍යාපාර කොයිතරම් වෙන්දේසි දානවද කියල. මේකෙන් අපි මිදිය යුතුයි.

අවලාද නගන මේ බාල දේශපාලනයෙන් අපි මිදිය යුතුයි. අපි ඉස්සරහාට යන්න ඕනෑ. අපේ රටේ තරුණයින්ට අගයක් තියෙන්න ඕනෑ. ජාති ආගම්වලට ගරුකරන ශිෂ්ටාචාරය පළමුවෙන්ම රැක ගත යුතුයි. ඒ තුලින් විතරයි මේ රටේ මානව ප්‍රාග්ධනය මේ සියලු දෙනා අතර එකතු වෙන්න පුලුවන් ක්‍රමය.

 පවතින දේශපාලන ප්‍රවාහය තුළ ප්‍රධාන පක්ෂ වන එජාපය, සජබ, ජාතික ජනබල වේගය, පොහොට්ටුව එක තැනකට එකතු වෙලා. ඒකයි පාර්ලිමේන්තුවේ හැම පනතක්ම සම්මත වෙන්නේ. මිල වැඩි කිරීම්, බදු වැඩිකිරීම් ඕනෑම වෙලාවක කරන්න පුලුවන්. ඔක්කොම එකට ඉන්නේ.
 
''සමෘද්ධිය කියන අටමගලය නැති කරල ඒ මිනිස්සු බලාත්මක කරමු''


ගමේ ඉන්න සෑම දුප්පත් මනුස්සයෙක්ම පවුලක්ම ගන්න සමෘද්ධිය කියන අටමගලය නැති කරල ඒ මිනිස්සු බලාත්මක කරමු. ඒ අය කීයක් හරි උපයා ගන්න වැඩපිළිවෙලකට යොමු කරමු. ඒකට තමයි ව්‍යවසායකත්ව රාජ්‍ය කියන්නේ. ඒ තුලින් ඇතිවෙන ප්‍රතිපලයක් ලෙස අන්තිම දුගි පැලටත් ඔවුන්ගේ විශ්වාසය මත කටයුතු කළ හැකියි. ඔවුන්ට සතුටින් ජිවත් වීමේ පරිසරයක් නිර්මාණය කළ යුතුයි. එයින් අදහස් වෙන්නේ නැහැ ලංකාවේ ව්‍යවසායකයා අපි අමතක කළා කියලා. අද රටේ ව්‍යවසායකයා අතින් රටට ලොකු සේවයක් වෙනවා. ඔවුන් තමයි රැකියා ටිකවත් ලබල දෙන්නේ. රජය ගෙන යන මේ බදු ප්‍රතිපත්තියට වැඩිදුරක් යන්න වෙන්නේ නැ.


 අද ලෝකේ සෑම රටක් දියුණු වෙලා තියෙන්නේ ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුලින්. වසර 70ක් දුක්වින්ද ඉන්දියාව අද දියුනු වෙලා තියෙන්නේ මේ ව්‍යවසායකත්ව රාජ්‍ය මෝදි විසින් ඇතිකළ නිසා. ජනතාවගේ ඔලුවට හැමෝම සෘණාත්මක දේවල් පමණක් දැම්මොත් කවදාමත්ම මේ ජාතිය ගොඩ එන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේ සෘණාත්මක ප්‍රවේශය ප්‍රතික්ෂේප කරන්නේ. අපි කතාකරන්නෙ කරන්න පුලුවන් දේ ගැන පමණයි. අපේ ජනතාව දැනුම බුද්ධියෙන් පිරි පිරිසක්. අපි කියන මේ හැමදේකටම උපාය මාර්ගික සැලැස්මක් තියෙනවා. අපි කතා කරන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේදිත් උපාය මාර්ගික සැලස්ම ගැන පමණයි. ඒකට දින වකවානු තිබෙනවා. ඒ අනුව වැඩකරල ඔබ හැම අභිප්‍රේරණය කරලා ජාතිකත්වය මත පදනම් වු රජයක් තුළ මේ වැටුණු වලෙන් ගොඩ ඒමට පුලුවන් කමක් තිබෙනවා.
 
සාම්ප්‍රදායික දේශපාලන බලවේග එක්ක හැප්පෙන එක ඉතාම දුෂ්කර කාර්යයක්. නමුත් අපි ඊට වඩා එහාට ගිය උපාය මාර්ගික වැඩපිලිවෙළක් තුළ ජයග්‍රහණය කාර ගොස් ඉලක්කගත වැඩපිලිවෙළකට අනුව කටයුතු කරනවා. සාම්ප්‍රදායික දේශපාලන ගති ලක්ෂ අපි දන්වා ඒවා අතික්‍රමණය කරමු."


''පාර්ලිමේන්තුවේ ඉන්න ගොන් බාස්ලාට පුලුවන් හාන්න විතරයි"- ආචාර්ය සරත් අමුණුගම
 
MJP සභාපති ආචාර්ය සරත් අමුණුගම
 
මව්බිම ජනතා පක්ෂයේ සභාපති හිටපු ඇමති ආචාර්ය සරත් අමුණුගම මහනුවර දිස්ත්‍රීක් සමුලුව අමතමින් මෙසේ පැවසිය.

"මහනුවර ජනතාව අද මේ රැස්වෙලා සිටින්නේ අවදානම් තත්වයක් ඇති වෙලාවක. පක්ෂයක් හැටියට මේ රටේ තරුණ පරපුරට උගත් අයට දේශපාලනයට එන්න බැරිව සිටි අයට මේ පක්ෂය හරහා අලුත් මාවතක් විවර කරල දීල තිබෙනවා.

අපි මේ අද තියන්නේ හතරවැනි සමුලුව. අද වෙනදාට වඩා වැඩි පිරිසක් මෙතන ඉන්නවා.


 සංඛ්‍යා ලේඛන වලින් මේ රටේ ජනතාව සියට 70 ක් මේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුගේ පරිපාලනය වැඩක් නැහැ අපිට අලුත් දෙයක් ඕනෑ කියල කියනවා. රටේ ආර්ථිකය සමාජයිය දේශපානය ගැන ප්‍රශ්න මුලින්ම කඩා වැටෙන්නේ කාන්තා පරපුර වෙත. ඒ අය හිතන්නේ අපිට වඩා හොද ජීවිතයක් අධ්‍යාපනයක් දරුවන්ට ලබල දෙන්නේ කොහොමද කියල.
 
පසුගිය කාලේ යම් යම් ජයග්‍රහන පහසුකම් ලැබුණත් ඒ අභිලාෂයක් අනුව සමාජය වෙනස් කරන්න කාලය ඇවිත් තිබෙනවා. තරුණයින් ලක්ෂ ගණනක් විශ්ව විද්‍යාල වලට ගිහින් හොද අධ්‍යාපනයක් ලබාගෙන ඉන්න ඒ අයගේ අවශ්‍යතාවය රටට සේවයක් කිරීම. නමුත් ඒ අයට ඒ අවස්ථාව නැ. අපි ඉදිරි කාලය තුල තරුණ තරුණියන්ගේ හඞට කන්දෙන සැමට සතුටින් ඉන්න හැකි රටක් නිර්මාණය කරනවා.

අපි පළමුවෙන්ම දූෂණය නැති කරනවා. වැට් බදු ගහන්නේ හොරුන්ගේ කොල්ලකෑම නිසා. රටින් ගිය සල්ලි පොකට් එකට ගහල ගත්තු සල්ලි පිටරවල ඇපල් වතු ගෙවල් අරන් තියෙනවා. ඒ සල්ලි මේ රටට ගෙනවා නම් වැට් ගහන්න ඕන නැ. ඒ අය තමයි පණ්ඩිතකම් කියන්නේ. හොරු ටික අපි අලල්ලා දෙන්න ඕනෑ .පැන්ඩෝරා පැනමා පත්‍රිකා ප්‍රසිද්ධ කරල තියෙනවා ඇයි ඒවා ගැන ක්‍රියාත්මක නොවුනේ.

අපේ පොලිසිය ට බැරි ඒවා ජාත්‍යන්තරයට කීවාම එහෙමත් බැරිනම් අපිට දේශපාලන අලුත් ගමනක් අවශ්‍ය වෙනවා. අපි නවත්වන ඕනෑ මේ දූෂීත ආහාර සුරක්ෂිත තාවය.අපි අවුරුදු 75 ක් නිදහස් කිව්වට බිත්තරේ, පරිප්පු ටික හාල්ටික ගේන්නේ ඉන්දියාවෙන්. ආහාර සුරක්ෂිතතාවය ගැන ප්‍රතිපත්තියක් රටතුළ තිබිය යුතුයි.


 ''අපි පොරොන්දු වෙනවා පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහරය ලබා දෙන්න අපේම රටේ කෑම වලින්. අපේ අධ්‍යාපන ක්‍රමයත් වෙනස් කළ යුතුයි. නව තාක්ෂණය ඉදිරියට ගෙන ආ යුතුයි. විවෘත වෙන නව ලෝකය කරා අපි යන්න ඕනෑ. දරුවන්ට අලුත් අධ්‍යාපන ක්‍රමවේද හදුන්වා දීලා විවෘත වෙන නව ලෝකයට අපි යායුතුයි. දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබල දීලා ඉහළ මට්ටමේ රැකියා ලබල දෙනවා. පාර්ලිමෙන්තුවේ ඉන්න ගොන් බාස්ලාට ඒවා කරන්න බැහ.උන්ට පුලුවන් කුඹුරේ හාන්න විතරයි"
dilith k1dilith k 2dilith k 3
 dilith k 4

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්