ධීවරයින් සහ එම ක්ෂේත්‍රය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් කිසිඳු අවබෝධයකින් තොරව

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කටයුතු කරමින් සිටින බැවින් ධීවරයින්  රැක බලා ගැනීමට හැකිවන වැඩ පිළිවෙලක් සකස් කිරීමට එම නිලධාරීන් අසමත්ව ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනා හට වෘත්තීය ගරුත්වයක් සහ අභිමානයක් ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ආරම්භ කළ “ගරුසරු” වැඩසටහන යටතේ ධීවර ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වෘත්තිකයින් සමඟ අද (17) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවති හමුවකදී අමාත්‍ය මනූෂ නානායක්කාර මේ බව සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් විසින් ධීවර ක්ෂේත්‍රය මගින් මෙරට ආර්ථිකයට දෙනු ලබන දායකත්වය පිළිබඳව  නිසි අවබෝධයකින් තොරව කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

 

“රට වටේම මුහුද තියාගෙන පිටරටින් සැමන් ගේනවා. පිටරටින් එන සැමන් වලට බදු ගහන්නේ කිලෝ එකකට රුපියල් සියයක් දෙසීයක් වගේ මුදලක් ඒක අය කරන්නේත් වතුර බල බර අඩු කරලයි.. ඒත් රට ඇතුලේ ෆැක්ට්‍රියක් හැදුවොත් ඒකට සියයට 18 වැට් බද්දක් ගහනවා. ඒ බද්ද ගහන්නේ ආණ්ඩුවයි. අපි තමයි මේකට අත උස්සල තියෙන්නේ. හැබැයි මේක හදලා එවලා තියෙන්නේ මුදල් අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන් විසින්. ඒ අය දන්නේ නැහැ ධීවරයාව රැක බලාගන්න නම් කොයි විදිහටද වැඩ කරන්න ඕනේ කියලා.”


ධීවරයන්ටත් ගරුසරු

ලෝකයේ වෙනත් රටවල සෑම වෘත්තියකටම එක ලෙස ගරු කරන බව කී ඇමැතිවරයා අපේ රට පක්ෂ විදිහට, ජාතීන් විදිහට, කුල වලට වගේම වෘත්තීන් අනුව බෙදී ඇතැයි පෙන්වා දුන්නේය.

එසේ බෙදා වෙන් කර ඇත්තේ විවිධ වාසි ලබා ගැනිමේ උවමනාවෙන් බව සඳහන් කළ මනූෂ නානායක්කාර අමාත්‍යවරයා, එමගින් ධීවරයාව, වතු කම්කරුවාව අඩු වරප්‍රසාද මට්ටමක තබා ගැනීමට උත්සාහා කරනවා මිස නිසි ගරුත්වය ලබා නැති බව ද කියා සිටියේය.

“අපි  රැකී රක්ෂා පනත කියලා නව පනතක් හදුන්වා දෙනවා. එමගින් නව පරිච්ඡේදයක් ඇති කරලා මේ  කෂේත්‍රවල ඉන්න අය වෙනුවෙන් කමිටුවක් ඇති කරන්න කටයුතු කරනවා. පසුව ඒක මේ රටේ ව්‍යවස්ථාපිත ආයතනයක් බවට පත් කරන්න අපි පියවර ගන්නවා.”


 “මෙහිදී වැදගත්ම කාරණය වන්නේ මේක වෘත්තීය සමිතියක් නොවීමයි. මේක වෘත්තීය කවුන්සියලයක්. මෙහිදී ඔබ තමයි ධීවරයා කියන්නේ මෙවැන්නෙක් ඊට අදාලව සැපරිය යුතු කාරණයා මේවායි කියලා තීරණය කරන්නේ.  ඔබ හදලා දෙන රෙගුලාසි අමාත්‍යවරයා විදිහට ගැසට් කරන්න මට බලය ලැබිලා තියෙනවා.” යි ඇමැතිවරයා පැවසීය.


ධීවරයාට අදාළ වෘත්තිය මට්ටම මෙන්ම ඊට අදාළ බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය ද ධීවර ප්‍රජාව විසින් සකස් කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ලෝකයේ අනිත් රවටල් භාවිතා කරන ආරක්ෂිත මෙවලම් භාවිතා කරමින් මෙරට ධීවරයන් ධීවර කටයුතුවල යෙදුනහොත් අනතුරු විශාල වශයෙන් අඩු කළ ගැත හැකි බැවින් අදාළ ආරක්ෂිත ක්‍රම නීති මඟින් ගෙන එන බව ද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

ගාල්ල දිස්ත්‍රිකයේ හැදී වැඩුණු තැනැත්තෙකු වශයෙන් තමන්ට ධීවර වෘත්තිකයින් පිළිබඳ  මෙන්ම  ඔවුන් සිය වෘත්තියේ නියැලීමේදී අත්විදින අභියෝග සම්බන්ධයෙන් මනා අවබෝධයක් ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මෙම හමුවේ දී වැඩිදුරටත් කියා සිටියේය.
klsjde 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්