වත්මන් රජය IMF එක සමග ඇති කර ගත් ඒකපාර්ශ්වීය ගිවිසුම සංශෝධනය කර පොදුජනතාවට වැදගත්, ජනතාවාදී ගිවිසුමකට එළැඹීමට

අපේක්ෂා කරන බව විපක්ෂ නායකවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හට ප්‍රකාශ කර තිබේ.

ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනවාරි 18 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවක දී පවසා ඇත.

වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යැයි පවසමින් ජනතාවට විශාල බදු බරක් ලබා දෙමින් වැට් බදු ඇතුළු බදු වර්ග රැසක් අධික ලෙස වැඩි කර ඇති බව ද විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

එම නිසා සාමාන්‍ය ජනතාව, ගර්භනී මාතාවන්, දරුවන්, මධ්‍යම පාන්තිකයන්, රාජ්‍ය සේවකයන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අයත් පුද්ගලයන් අසරණ වී ඇති බව ද ඔහු IMF නියෝජිතයන් හට කියා තිබේ.

සජිත් ප්‍රේමදාස මෙහිදී අවධාරණය කර ඇත්තේ වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති නිසා අසරණ වී ඇති ජනතාව එම අසරණ භාවයෙන් මුදවා ගැනීමටත් පවතින බංකොලොත්භාවයෙන් රට ගොඩ ගෙන දුකට, අසරණභාවයට පත් ජනතාව ඉන් මුදවා ගැනීමට සමගි ජන බලවේගය විපක්ෂයේ සිට කටයුතු කරනවා සේ ආණ්ඩු බලය ලැබුණු විගස කටයුතු කිරීමට ද විධිමත් සැලසුමක් පවතින බවයි.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්, සුජීව සේනසිංහ, ආචාර්ය නාලක ගොඩහේවා මෙන්ම විපක්ෂ නායකවරයාගේ ලේකම් තිසත් විජේගුණවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් Mr Peter Breuer (Senior Mission Chief), Ms Sarwat Jahan (Resident Representative), Manavee Abeyawickrama (Local Economist) මෙම හමුවට සහභාගී විය.

imf 1 IMF 2


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්