මිනිසුන්ගේ රීරි මාංශ සුරා කමින් රට කරා මෙහෙයවන ආණ්ඩුව පලවා හැරිමේ සටන ආරම්භ කරන බව

සජබ නියෝජ්‍ය ජාතික සංවිධායක, එස්. එම් මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ජනවාරි මස 30 වැනිදා ජනතාව පාරට බසිමින් එය ආරම්භ කරන බව මන්ත්‍රීවරයා ජනවාරි 19 වැනිදා පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

“ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කිවුවා යැයි බදු වැඩි කරමින් මේ යන ගමන මංකොල්ලකෑම්, මිනීමැරුම් සදහා අත වැනිමක් නෙමෙයිද? මේ මැතිවරණ වර්ෂයේ මෙම වැඩකට නැති අණ්ඩුව පලවා හැරිමේ සටනට අප සුදනම්. මේ මාසේ 30 වෙනිදා අප ජනතාව සමඟ පාරට බහින්න සුදානම්.”

රටේ විකල්ප බලවේගය ගොඩනැඟීමට ජනතා විමුක්ති පෙරමුණට ද කොන්දක් නැති බව පවසන මරික්කාර් මන්ත්‍රීවරයා එවැනි බලවේගවලින් පලක් තිබේ දැයි ප්‍රශ්න කළේය.

“රටේ විකල්පයක් ගොඩනගන්න කොන්දක් අවශ්‍යයි. නමුත් JVP පිරිස IMFකණ්ඩායම මගහරිනවා. එම ගැටලු මඟහරිනවා කියන්නෙ ඒ විකල්ප බලවේගයෙන් වැඩක් තියෙනවාද?”

ආදයම් වැඩි කරන්න සැලසුමක් නැහැ

වත්මන් ආණ්ඩුවට ජාත්‍යන්තර වෙළඳපොළට සම්බන්ධ වී ආදායම් වැඩි කර ගැනීමේ වැඩි පිළිවෙලක් නොමැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“1988 රණසිංහ ප්‍රේමදාස මහතා විසින් භාරගනු ලැබුවේ දෙකොන ගිනිගත් රටක්. නමුත් ඔහු විසින් IMF ණය මුදල් ලබාගෙන ඇගලුමි කර්මාන්තය හරහා අයෝජන අවස්ථා පුලුල් කරගෙන රටේ ආදායම් වැඩි කිරිමක් සිදුකරනු ලැබුවා. එම නිසාවෙන්ම ලෝක බැංකුව ජනසවියට නොමිලේ ආධාර ලබා දුන්නා. නමුත් මෙම දුෂ්ඨ අණ්ඩුවට කිසිදු පැහැදිලි ජත්‍යන්තර වෙළදපොළට සම්බන්ධ වෙන්න වැඩපිළිවලක් නෑ.” යි මන්ත්‍රීවරයා පැවසීය.

ලංකා ඉතිහාසයෙ මුල්ම වතාවට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් වෙළදුන්ගේ අරක්ෂාව වෙනුවෙන් මුදල් ලබාදි ආරක්ෂකයන් යොදවන්නට වී ඇති බව කී මරික්කාර් මන්ත්‍රීවරයා, සුනාමි කාලසිමාවේ හෝ රටේ යුද්ධ කාල සිමාවේදීවත් මේ අකාරයෙන් භාණ්ඩ මිල ඉහළ ගොස් නැතැයි සිහිපත් කර දුන්නේය. 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්