පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්‍ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙසට තමන් නව

උපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

එම නව උපදෙස් මාලාව ඊයේ (19) දිනයේ සියලුම පොලිස් ස්ථානවලට යොමු කළ බව ඔහු පැවසීය.

පසුගිය 18 වනදා නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් රියදුරෙකු මිය යාමත් සමඟ මෙම නව උපදෙස් මාලාව ලබා දුන් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

නාරම්මල, රන්මුතුගල ප්‍රදේශයේ දී පොලිස් වෙඩි තැබීමකින් 41ක් හැවිරිදි පුද්ගලයෙකු (ජනවාරි මස 18 වැනිදා) ජීවිතක්ෂයට පත්විය.

සිවිල් ඇඳුමෙන් සැරසී සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ අත තිබුණු ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, රොෂාන් කුමාරතිලක නමැති  තිදරු පියෙකු වන අතර, ඔහු මහාරච්චියමුල්ල ප්‍රදේශයේ පදිංචි වඩුකාර්මිකයෙකි. ඔහු කටුපොත ප්‍රදේශයේ සිට තම නිවෙස බලා යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා තිබෙන බවත් කරුණු අනාවරණය වී තිබේ.


සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරියෙකුට සාමාන්‍ය වැසියෙකුට වෙඩි තබන්න පුලුවන්ද ?


සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරියෙකුට සාමාන්‍ය වැසියෙකුට ගිනි අවියක් එල්ල කිරීමට හැකියාව තිබේදැයි බීබීසී සිංහල, විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව ගෙන් විමසා තිබිණ.

එයට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ, එවැනි දෙයක් සිදුකිරීමට පොලිස් නිලධාරියෙකුට සාධාරණ හේතුවක් තිබිය යුතු බවය.

"පොලිස් නිලධාරියෙක්ට එහෙම ගිනි අවියක් එල්ල කරන්න සාධාරණ හේතුවක් තියෙන්නේ ඕන. එයාගේ ජිවිතේ ආරක්ෂා කරගන්න හරි වෙනත් සාධාරණ හේතුවක් තියෙන්න අවශ්‍යයි." පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.


සබැඳි පුවත් :
නාරම්මල වෙඩි තැබීම : පොලිස් නිලධාරින්ගේ වැඩ තහනම්


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image