නාරම්මල, රන්මුතුගල ප්‍රදේශයේ දී 18  වෙනිදා පොලිස් වෙඩි තැබීමකින් 41ක් හැවිරිදි පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියට සම්බන්ධ උපපොලිස්

පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ, ඊයේ (19) දිනය සිට ක්‍රියාත්මක වන පරිදි මොවුන් දෙදෙනාගේ වැඩ තහනම් කළ බවයි.

අණ නොතකා ධාවනය කළ ලොරි රථයක් හඹාගෙන ගොස් එම ලොරි රථය නැවැත්වූ අවස්ථාවේ උපපොලිස් පරීක්ෂකවරයා සතු ගිනිඅවිය ක්‍රියාත්මක වී ලොරි රථයේ රියදුරාට වෙඩි වැදී ජීවිතක්ෂයට පත් වී තිබිණි.

මේ සම්බන්ධයෙන් උපපොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත් අතර, ඔහු නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

නාරම්මල දී සිදුවුයේ කුමක්ද ?


ජනවාරි මස 18වැනිදා, නාරම්මල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් පොලිස් කොස්තාපල්වරයෙකු නාරම්මල ප්‍රදේශයේ මාර්ගයක රැඳී සිටියදී එහි ගමන් කරමින් තිබු ලොරි රථයක් නවත්වන ලෙස රියදුරුට සංඥා කර ඇතැයි පොලිසිය පවසයි.

එහිදී මෙම ලොරි රථය නොනවත්වා ධාවනය කර ඇති අතර සිවිල් ඇඳුමෙන් සැරසී සිටි පොලිස් නිලධාරින් දෙදෙනා තම යතුරු පැදියෙන් ලොරි රථය පසුපස ලුහුබැඳ තිබේ.

ඉන් අනතුරුව අදාළ ලොරි රථය නාරම්මල, රන්මුතුගල ප්‍රදේශයේ පිහිටි එළවලු වෙළෙඳසැලක් ආසන්නයේදී නවතා පරික්ෂා කිරීමට උත්සහ කිරීමේදී මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ අතේ තිබු ගිනි අවිය හදිසියේ ක්‍රියාත්මක වී ඇතැයි පොලිසිය පවසයි.

එහිදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ලොරි රථයේ සිටි පුද්ගලයා නාරම්මල රෝහලට ඇතුලත් කරන විට ජීවිතක්ෂයට පත්වු බව පොලිසිය සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ, රොෂාන් කුමාරතිලක නම් 41 හැවිරිදි තිදරු පියෙකු වන අතර, ඔහු මහාරච්චියමුල්ල ප්‍රදේශයේ පදිංචි වඩුකාර්මිකයෙකි. ඔහු කටුපොත ප්‍රදේශයේ සිට තම නිවෙස බලා යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා තිබෙන බවත් කරුණු අනාවරණය වී තිබේ.


මිය ගිය පුද්ගලයාගේ පවුලට මිලියනයක වන්දියක්


පොලිස් වෙඩි තැබීමකින් ඝාතනයට ලක් වූ ලොරි රථ රියදුරාගේ පවුලේ ඥාතීන් සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබා දී තිබේ.

අලව්ව ප්‍රදේශයේ පිහිටි මිය ගිය රියදුරාගේ නිවසේ දී වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් මෙම මුදල ලබා දුන් බව පොලීසිය සඳහන් කළේය.


සබැඳි පුවත් :
නාරම්මල වෙඩි තැබීම: සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරියෙකුට සාමාන්‍ය වැසියෙකුට වෙඩි තැබිය හැකිද?


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්