වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස වැටුප සමග ගෙවීම තාවකාලිකව අත්හිටුවමින්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් අද (23) පෙරවරුවේ දී  නිකුත් කළ ලිපිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ඔහු විසින් ම අද (23) පස්වරුවේ ලිඛිත දැනුම් දීමක් කර ඇත.

එමෙන්ම ජනවාරි මාසය සඳහා සාමාන්‍ය වැටුප් ලේඛනය මගින් DAT දීමනාව නොලැබෙන වෛද්‍යවරුන් සඳහා අදාළ දීමනාව විශේෂ වවුචරයක් මගින් ගෙවන ලෙස ද ආයතන ප්‍රධානීන් වෙත නියෝග කර තිබේ.

dgfstretjpg
ඒ අනුව හෙට දින උදෑසන අටේ සිට ආරම්භවීමට නියමිතව තිබූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජන ක්‍රියාමාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එහි විධායක සභාව විසින් ඒකමතිකව තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ අත්තනෝමතික හැසිරීම පරාජයට පත් කරමින් වෛද්‍යවරුන්ට ලැබිය යුතු සාධාරණය ඉටු කිරීමට මැදිහත් වූ  ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ට කෘතඥතාවය පළ කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ අද දහවල් විශේෂ මධ හමුවක් කැඳවූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, මුදල් අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන්, ජනවාරි මස වැටුපට මෙම දීමනාව එකතු වීම වැළැක්වීම සඳහා යම් කූඨ උත්සාහයන් දියත්වෙමින් පවතින බව කියා සිටියේය.

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image