ආදිවාසි ජනතාවගේ එදිනෙදා ජීවනෝපාය මාර්ගයන්ට මාර්ගෝපදේශ ලබාදීමට සහාය වීම සඳහා

අවශ්‍ය කරන නව රෙගුලාසි පද්ධතියක් වනජීවී දෙපාර්තමේත්ව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සකස් කර තිබේ.

 එම ජනතාවගේ ජීවන රටාවට අදාලව නව පනත් කෙටුම්පතක් සකස් කිරීම පිළිබඳව පසුගිය කාලසීමාව තුළ සාකච්ඡාවට බදුන්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආදිවාසීන්ගේ ජීවන ගැටළු විසදීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේතුව ඇතුළු අදාල පාර්ශවයන්ගේ පූර්ණ සහාය ඇතිව නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මීට ඉහත ද උපදෙස් ඇත.

ඒ අනවු සකස් කරන ලද රෙගුලාසි මාලාව සම්බන්ධව ජනවාරි 23 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ.

නව රෙගුලාසි පද්ධතිය නීතිගත වීමට පෙර එහි ඇති අඩුපාඩු සහ සංශෝධනය කලයුතු තැන් පිළිබඳව එක් එක් පාර්ශවයන්ගෙන් තොරතුරු ලබාගැනීම සහ ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම මෙහිදි සිදුවිය.

දශක තුන හතරක කාලයක පටන් මෙවැනි ක්‍රියාවලික අවශ්‍යතාවය මතුව තිබුණද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයත් සිදුවී නොමැති බැවින් මෙම සාකච්ඡා වටය අවසානයේදී අවසන් තීන්දුවක් ගෙන එය කඩිනමින් සම්මත කර ගැනීමට අවශ්‍ය බව ද අමාත්‍යවරයා අවධාරණය කර ඇත.


“ගහ කොල මෙන්ම සතා සිවුපාවුන් ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම ප්‍රථමික ජන කොට්ඨාශයක් වන ආදිවාසී ජනතාවගේද මානව හිමිකම් අනෙක් ජනකොට්ටාශ වල වගේම ආරක්ෂා කරගන්න ඕන අපිට කියන්න බෑ ඔවුන්ට හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්න කියලා හරි හෝ වැරදි පාරම්පරිකව ඔවුන් තොරගත්ත විදිහ ඒක, ඒ අයගේ කැමැත්ත සහ තෝරා ගැනීම තමයි ඒ” යැයි අමාත්‍ය විජේදාස පවසා ඇත.

 

මෙම අවස්ථාවට නීතිපති දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව,  නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සහ අධිකරණ අමාත්‍යාංශය නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් සහභාගි වි තිබේ.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට ආදිවාසී ජනතාව නියෝජනය කරමින් නියෝජිතයකු සහභාගි වු බවක් දැනගන්නට නැත.

123541xfg

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image