රජය විසින් යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතට සහය පළ කරන බව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය යම් ප්‍රමාණයකට නියාමනය කළ යුතු බව එම පනත් කෙටුම්පතට සහාය පළ කරන බව පවසමින් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත කියා සිටියේය.

“පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍යයි,” යනුවෙන් මන්ත්‍රීවරයා පවසයි.

සමාජ මාධ්‍යවල හුවමාරු වන තොරතුරු, ප්‍රවෘත්ති හෝ පළ කිරීම් සම්බන්ධයෙන් වගකියන ඕනෑම පුද්ගලයෙකු අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතට බිය වීමට හේතුවක් නොමැති බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට පක්ෂව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු සියලුම මන්ත්‍රීවරුන් ඡන්දය ලබා දෙනු ඇතැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් විහ්වාසය පළ කළේය.

විපක්ෂයේ විරෝධය නිසාවෙන් පාර්ලිමේන්තුවේ ඡන්දය විමසීමෙන් පසුව ජනවාරි 23 වැනිදා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත (ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත)  විවාදයට ගනු ලැබුවේ බහුතරයේ කැමැත්ත පරිදි ය.

යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත පිලිබඳ ඡන්ද විමසීම හෙට (ජනවාරි 24) පාර්ලිමේන්තුවේදී සිදු කිරිමට නියමිතව ඇත.

සබැඳි පුවත් :
ඡන්ද විමසීමකින් පසු ඔන්ලයින් පනත ගැන විවාදය ඇරඹේ - මේ දක්වා සිදුවුයේ කුමක් ද?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image