ආණ්ඩුව විසින් හදිස්සියේ ගෙන ඒමට වෙර දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත හරහා නූපන් දරුවන්ට පවා අහිතකර බලපෑම්

එල්ල විය හැකි බවට විපක්ෂ මන්ත්‍රීවරයෙකු අනතුරු අඟවා තිබේ.

“විදේශ විනිමය මේ රටට ගෙන්වා ගත හැකි පරිගනක හා අන්තර් ජාල මූලික කොට ගත් ක්ෂේත්‍රයට බලපෑ හැකි මෙම පනත මගින් නූපන් දරුවන්ට පවා අහිත කර බලපෑම් එල්ලවිය හැකි.” යැයි ස.ජ.බ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

ජාත්‍යන්තර සංවිධාන සහ දේශීය මාධ්‍ය සංවිධාන සහ සිවිල් සමාජය විරෝධය පළ කරද්දී මාර්ගගත සුරක්ෂිත භාවය පිළිබඳ පනත ගෙන ඒමට රජයට තිබෙන හදිස්සිය කුමක්දැයි ප්‍රශ්න කරන මන්ත්‍රීවරයා කිසිදු සැලැස්මක් නොමැතිව රසායනික පොහොර වගාවට යෙදීමට ගත් තීන්දුව මෙන් මෙයද අහිතකර ලෙස බලපෑ හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“මෙම ඔන්ලයින් සුරක්ෂිතතා පනතේ අඩංගු වගන්ති 57 න් 34 ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු පළ කර තිබෙන පසුබිමක මෙම මාර්ගගත සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ අහිතකර බලපෑම් පිළිබඳව ඔප්පුවන්නේ ය.”

රටට සමාජයට මාධ්‍යට බලපාන මෙම නීතිය තොරතුරු දැනගැනීමේ පනත මෙන් එකතුවෙලා සාකච්ඡා කර සම්මත කර ගැනීමේ හැකියාව ඇති බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

විදේශ විනිමය නොමැති වීම හේතුවෙන් පසුගිය කාලේ රටට බලපෑ අර්බුදකාරි තත්වය මෙම පනතින් තවත් උග්‍ර වනු ඇතැයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.


“පසුගිය කාලයේ දී විදේශ විනිමය නොමැතිව මේ රටේ අති විශාල අර්බුදයක් ඇති වුණා. ඉන්ධන අර්බුදයක් ඇති වුණා, පෝලිම්වල මිනිසුන් මැරුණා. රෝහල්වල ෆාමසිවල අත්‍යාවශ්‍ය බෙහෙත් තිබුණේ නැහැ. අත්‍යාවශ්‍ය ආහාර තිබුණේ නැහැ, මේ සියලු ගැටලු මතු වූයේ විදේශ විනිමය නැති ප්‍රශ්නය නිසාය. ජනතාව දැන හෝ නොදැන මේ රට තවමත් තිබෙන්නේ එම අර්බුදය තුළමයි. මෙම ඔන්ලයින් පනත හදිස්සියේ සම්මත කර රජය මේ අර්බුදය තව දුරටත් උග්‍ර කරන්නට හදන්නේ.”


මුහුණු පොත වැනි අන්තර්ජාලයේ අතර මැදි ආයතන ශ්‍රී ලංකාවේ නීතියට අවනත නොවන බව ප්‍රකාශ කිරීමට ඔවුන්ට හැකියාව ඇති බවත් පකිස්තානය හා නවසීලන්තය වැනි රටවල් ලංකාවේ මෙන් ඔන්ලයින් සුරක්ෂිත භාවය පිළිබඳ පනත් සම්මත කරගැනීමට ගොස් ඒවා හකුළා ගන්නට සිදුවුයේ එම නිසා බවද ස.ජ.බ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න වැඩිදුරටත් පෙන්වා දුන්නේය.




සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ  (ජනවාරි 23 වැනිදා) පාර්ලිමේන්තුවේදී ආරම්භ විය. ඊට අදාල ඡන්ද විමසීම අද පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ, පාර්ශව රැසක් මේ පනත් කෙටුම්පත පිළිබඳව දැඩි විරෝධයක් එල්ල කර ඇති පසුබිමක් තුළයි.

සබැඳි පුවත් :
ඡන්ද විමසීමකින් පසු ඔන්ලයින් පනත ගැන විවාදය ඇරඹේ - මේ දක්වා සිදුවුයේ කුමක් ද?
 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image