ආණ්ඩුව විසින් ගෙන එන මර්දනකාරි අණ පනත් සම්මත වුවද ඒවා පිළිනොගෙන කඩ කරන්නැයි පෙරටුගාමි පක්ෂය ජනතාවගේ ඉල්ලා තිබේ.

“මර්දන අණ පනත් ඇතුළු හැම ප්‍රශ්නයක්ම විසඳිය හැක්කේ පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතා බලයක්, ජනතා ව්‍යාපාරයක් නිර්මාණය කිරීමෙන් විතරයි කියලා පැහැදිලියි. ඒ සඳහා පෙරට එන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. ඒ වගේම මේ මර්දන පනත් සම්මත වුනත් ඒ නීති පිළිගන්න එපා, ඒවා කඩන්න කියලා අපි ඉල්ලා සිටිනවා.”

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිලිබඳ පනත කෙටුම්පත සම්බන්ධව ජනවාරි 23 වැනිදා පැවැත්වු මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේ මෙම නීති රජය සහ ජනතාව අතර සමාජ සම්මුතියට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

මෙවැනි මර්දන නීති පරාජය කරන්න අධිකරණ ක්‍රියාමාර්ග පමණක් ප්‍රමාණවත් නොවන බව ද ඔහු කියා සිටියේය.


විපක්ෂයටත් දෝස් මුරයක්


ආණ්ඩුව විසින් මර්දනකාරි අණ පනත් ගෙන එද්දි බෙලහීන ප්‍රතිපත්තියක ඉන්න විපක්ෂය කරන්නේ කුමක් දැයි ප්‍රශ්න කරන පෙරටුගාමි පක්ෂයේ පුබුදු ජයගොඩ ඒ හරහා විපක්ෂය ඡන්ද ලබා ගැනීමට උත්සාහ දරන බවට චෝදනා කළේය.

“දැන් බෙලහීන ප්‍රතිපත්තියක ඉන්න විපක්ෂය කියන්නේ මොකක්ද? ආණ්ඩුව මේක සම්මත කර ගත්ත දෙන්, අපට බලය දෙන්න, අපි ආවම මේ වගේ පනත් අවලංගු කරනවා කියලා. මේ ප්‍රශ්නය පාවිච්චි කරලත් ඡන්ද ගසා කන්න බලන්නේ. පනත පරදවන්න අපට ඡන්දය දෙන්න කියන තැනක විපක්ෂය ඉන්නේ. පස්සේ අවලංගු කරන එක පසුව බලාගමු, දැන් කරන්න ඕන මේ පනත් ගෙන ඒම නවත්වන එක. ඒකට ජනතාව පෙලගස්වන එක. ඒක නොකර මැතිවරණ ව්‍යාපෘති වලට මේ ප්‍රශ්න පාවිච්චි කරන්න ඉඩ දෙන්න එපා.”

 

මර්දන අණ පනත් වගේම, ඒවා ගෙන එන ආණ්ඩුවත්, එම අණ පනත් ගෙන ඒමට ඉඩ දී උඩ බලාගෙන තමන්ගේ බලයට පමණක් කෙල හලන විපක්ෂයත් එක මිටකට තබා පරාජය කර ජනතා බලයක් ගොඩ නැගිය යුතු බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ වැඩිදුරටත් අවධාරණය කළේය.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image