leader s

"ට්‍රෙරෙඩ්වින් "නමින් පිරමීඩ ආකාරයේ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මුදල් තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක්

ජාවාරම් කර ජනතා මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ සැකයට තවත් "සක්විත්තෙක්"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත විමර්ශන ඒකකය මගින් අද අත්අඩංගුවට ගැනිණි.

මෙසේ අත්අඩංගුවට පත් වූයේ වසර තුනක් සැඟව සිටි ගලින් බිඳුණු වැව වීරසේකර මුදියන්සේලාගේ තරිඳු ඉරෝස් වීරසේකර නමැති සැකකරුය.

සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ජාලගත විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.

එම කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවී මත පොලිස් අධිකාරි අනුර පේමරත්න, ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව විජේසේන, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් වීරසේකර ,උප පොලිස් පරීක්ෂක තිවංක සනත් ඉදිරිසිංහ සහ පොලිස් කොස්තාපල් ( 93012) ලහිරු, පොලිස් කොස්තාපල් ජයරත්න, රණසිංහ, බණ්ඩාර සහ මහෝදා නිලධාරිනීන් මෙම මෙහෙයුමට එක් වී ඇත.

සැකකරු ටෙලි නාට්‍ය හා රූපවාහිනි රංගන ශිල්පියෙක්නියක සමග අනියක් ඇසුරක් පවත්වාගෙන යමින් මෙම වංචාව දිගින් දිගටම කරගෙන ගොස් ඇති බව විමර්ශන වලදී හෙළි වී ඇත.

මොහුගේ පිරමීඩ ජාවාරමේ මුදල් ආයෝජනය කළ තැන්පත්කරුවන් වෙතොත් ඒ එම පුද්ගලයින්ට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාලගත විමර්ශන ඒකකය දැනුම් දී සිටින අතර ඔවුන්ගේ රහස්‍යභාවය රැකීමට ද එම කොට්ඨාසය පියවර ගැනීමට සූදානම් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.


(lankadeepa.lk- රෝෂන් තුෂාර)


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්