එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මහින්ද අමරවීරට හා තිලංග සුමතිපාලට අද දැනුම් දී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

නව සන්ධානයක් ගොඩනැගීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම භාවිතා කිරිමට මෙම ලේකම් ධූරය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් බලපාන බැවින් මෙම දැනුම් දීම සිදුකර ඇති බවද වාර්තාවේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් දූරයේ කටයුතු කරමින් සිටියදී පක්ෂයේ මතයට පටහැනිව යමින් මහින්ද අමරවීර ආණ්ඩුවට එකතු වී ඇමති ධුරයක් භාර ගත්තේ යැයි ඔහුව එම දූරයෙන් ඉවත් කිරිමට මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළේය.

හිස්වූ ලේකම් දූරයට පසුව තිලංග සුමතිපාල පත්කරනු ලැබීය.

මෙම තීරණයට එරෙහිව මහින්ද අමරවීර අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබූ අතර මහලේකම්වරු දෙදෙනාම පිළිනොගන්නා බවට මැතිවරණ කොමිසම දැනුම් දී ඇති බවද වාර්තාවේ.

නව සන්ධානය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම භාවිතා කරන්නේ නම් මොවුන් දෙදෙනාම ඉවත්ව නව මහලේකම්වරයෙකු පත් කළ යුතුව ඇති බවද ඒ අනුව ඉහත දැනුම් දීම සිදුකර ඇති බවද එයට අමරවීර හා සුමතිපාල දෙදෙනාම එකග වී ඇති බවද වාර්තාවේ.

(lankadeepa.lk- මුදිතා දයානන්ද)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image