The Leader News
BREAKING
ආසියානු සායනික පෝෂණ සංගමයේ නායකත්වය පළමු වරට ලංකාවට●ඕස්ට්‍රේලියානු කෘෂිකර්මයට සිනහවක් එක්කළ යෝධ වියළි මිදිගෙඩිය●ඩූබ්වාගෙන් ‘ඩයිනමයිට්’ පහර කෑමට ලක්වූ වෝඩ්ලී ට තරග තහනමක්!●ආදරය වෙනුවෙන් බෙල්ජියම් ඉංජිනේරුවා වියට්නාම ගෝත්‍රික චාරිත්‍ර ඉටුකරයි●ඉන්ධන මිල පාලනයේ බර අවසානයේ මහජන කරපිටට?●අපනයන ඉපැයීම් ඉහළට: බිලියන 36 ඉලක්කයට මඟ සකස්වේ ද?●යුරෝපා වෙළෙඳ සහනය රැකගන්න ලංකාවට අලුත් කොන්දේසි පහක්●ඉරාන ජෙට් ඉන්ධන මියන්මාරයට ගලාගිය හොර පාර●ආදර ගැටය: සිරගත ස්ත්‍රීත්වයේ කලාත්මක කියවීම | ආචාර්ය අතුලසිරි සමරකෝන්●තොරතුරු ඉල්ලීමේදී රාජ්‍ය ආයතනවලට හිතුමතේ ගාස්තු අය කළ හැකි ද?●
Top Ad
පුවත්

ෆොන්සේකාගේ ප්‍රහාරය හමුවේ දයා රත්නායක දිලිත් ලඟට පසුබසි ?

T

The Leader Desk

February 1, 2024 • 4:54 AM

ෆොන්සේකාගේ ප්‍රහාරය හමුවේ දයා රත්නායක දිලිත් ලඟට පසුබසි ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගියදා සමගිජන බලවේගයට එක්වූ හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක, 'මව්බිම ජනතා පක්ෂයේ (MJP) බොරැල්ල පක්ෂ මුලස්ථානයට.
අකුරු ප්‍රමාණය (Font Size):

ගොස් එම පක්ෂයේ නායක දිලිත් ජයවීර හමුව ඇතැයි ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර ඇත. 

එම හමුව සම්බන්ධයෙන් වූ ජයාරූප කිහිපයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. 

දයා රත්නායක සමගි ජන බලවේගය හා එක්වීම කිසිසේත් අනුමත කළ නොහැකි බව පවසමින් සමගි ජනබලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ (31) දහවල් මාධ්‍ය හමුවක් කැඳවා දයා රත්නායක සම්බන්ධයෙන් බරපතල විවේචනයක් සිදුකළේය. 

දයා රත්නායක හා දිලිත් ජයවීර අතර හමුව සිදුව ඇත්තේ ඉන් අනතුරුව බවද පැවසේ. 

සිදුව ඇතැයි පැවසෙන එම හමුව සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසීමට MJP නායක දිලිත් ජයවීර දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක විය. 

WhatsApp Image 2024 02 01 at 8.36.30 AM
සබැඳි පුවත් :
'ගෝඨාගේ දකුණු අත ආවා, දැන් ගෝඨාටත් එන්න කියමු' - ෆොන්සේකා කියයි 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...