ඉදිරි මහ මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දේශපාලනිකව ශක්තිමත් කිරීම වෙනුවෙන් තම පක්ෂයේ

උපරිම සහය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රි ලංකා පොදුජන සංධානය යටතේ එකරාශී වී පොදුජන පෙරමුණේ ලාංඡනය යටතේ තරඟ කිරීමට බලාපොරොත්තු වන බව පවසන හිටපු ජනාධිපතිවරයා, මේ රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් සටන් කිරීමේදී පක්ෂයක ලාංඡනය වැදගත් නොවන බවත් කියා සිටියි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කළේ පොලොන්නරුව නගරයේ පසුගිය සෙනසුරාදා පැවති ශ්‍රීලනිප ශාඛා සමිති නියෝජිතයන්ගේ වැඩමුළුවේ ප්‍රධාන දේශනයට සහාභාගි වෙමිණි.

මෙම වැඩමුළුව සඳහා දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභා සභාපතිවරුන් මන්ත්‍රීවරුන් සහ ශාඛා සමිති නියෝජිතයන් සහභාගී වී සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජයට තිබෙන අභියෝග ගැන හිටපු ජනාධිපතිවරයා ලෙස තමන් හොඳාකාරවම දන්නා බව එහිදී පැවසු ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන, අද වන විට රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම පවා බරපතල ප්‍රශ්නයක් වී ඇති බවත් ආණ්ඩුවට විශාල ණය මුදල් ප්‍රමාණයක් ගෙවීමට සිදුව ඇති බවත් කියා සිටියේය.

 

''ශ්‍රීලනිපය නැතුව ශක්තිමත් ආණ්ඩුවක් හදන්න බැහැ''

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොසලකා හැර මෙවර පොළොන්නරුව ජයග්‍රාහනය කිරීමට සිතීම විහිළුවක් බව පැවසු හිටපු ජනාධිපතිවරයා,  ඉදිරි මහ මැතිවරණයේදී සියලු දෙනාම එකතු වී ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනගා ගත යුතු බව අවධාරණය කළේය.

මෙවර මැතිවරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ඉතාමත් ක්‍රමවත් සැලැස්මක් යටතේ මැතිවරණ ව්‍යාපාරය දියත් කර ඇතැයි පැවසු හිටපු ජනාධිපතිවරයා, වැඩිම මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් ජයග්‍රාහනය කර ගෝඨාභය රාජපක්ෂ රජය ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ද මෙහිදී සඳහන් කර සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්