අර්බුද වලින් ගොඩ එන්න පුළුවන් වන්නේ අර්බුදවලට ශාප කරමින් සිටීමෙන් නොවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසීය.


''ලෝකය විවිධ අර්බුදවලට මුහුණ දුන්නා. රටවල් අර්බුද වලට මුහුණ දුන්නා. පෞද්ගලික ජීවිත අර්බුද වලට මුහුණ දුන්නා. සමහර අවස්ථාවලදී අර්බුදයෙන් ගොඩ ආ අතර සමහර අවස්ථාවලදී අර්බුදවලට ගොඩ එන්න බැරි වුණා.  තමා තමාටම පහනක් වන ලෙස බුදුන් වහන්සේ පවසා තිබෙනවා. අපටම අප පහනක් උනේ නැතිනම් අපට යහපතක් නැහැ. රටටත් යහපතක් නැහැ'' ජනපතිවරයා එහිදී කියා සිටියේය.

ජනාධිපතිවරයා අවධාරණය කළ කරුණු මොනවද ?

* 2022 අවසානයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 1.9% ක් වූ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය, 1977න් පසු පළමු  වරට 2023 වසර අවසානයේදී  අතිරික්තයක් ඇති කර ගත හැකි වූ බව ද 9 වන පාර්ලිමේන්තුවේ පස් වන සැසිවාරය විවෘත කිරීම සහ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

* 2022 අවසානයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7%ක් වූ අයවැය ප්‍රාථමික හිඟය, 2023 වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් කර ගැනීමට හැකි වූ බවත් නිදහසින් පසු ගෙවී ගිය 76 වසර තුළ ශ්‍රී ලංකාවට ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කර ගැනීමට හැකි වූ 6 වැනි අවස්ථාව මෙය බවත් ජනාධිපතිවරයා පැවසීය.

* 2021 වසරේදී 194,495ක් වූ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 2023 වසරේදී 1,487,303ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ අතර මේ වසරේ ජනවාරියේදී පමණක් 200,000කට අධික සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණි බව ජනාධිපතිවරයා පැවසීය. වසරකට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය මිලියන 5ක් දක්වා ඉහළ නැංවීම අපේක්ෂාව බවද සඳහන් කළේය .

* 2022 වසර පුරා කඩා වැටුණු ආර්ථිකය, 2023 වසරේදී වාර්තාගත ප්‍රගතියක් අත් කර ගත හැකි වූයේ අහම්බයකින් නොව ඉතා පරිස්සමින් හා දූරදර්ශීව සකස් කළ සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම තුළින් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. 

* 2022 වසරේ 437,547ක් වූ බදු සඳහා ලියාපදිංචි වූවන් සංඛ්‍යාව 2023 අවසානය වන විට 130% ක වැඩිවීමක් පෙන්නුම් කරමින් 1,000,029ක් දක්වා ඉහළ නැංවූ බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. 

ජනාධිපතිවරයාගේ සම්පුර්ණ කතාවේ පිටපත පහත පළවේ. 

rw 1

rw 2

rw 3

rw 4

rw 5

rw 6

rw 7


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image