විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රැසක් අද

(7) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාව වර්ජනය කිරීම විශේෂ සිද්ධියක්  විය.

පාර්ලිමේන්තුව ආරම්භයේදී සභාගර්භයට පැමිණ සිටි විපක්ෂ නායකවරයා ඇතුළු සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයා කතාව පැවැත්වීම ආරම්භ කිරීමත් සමග සභාගර්භයෙන් පිටව යනු දැකගත හැකිවිය.

විපක්ෂ නායකවරයා ඇතුළු සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කොටසක් සභාගර්භයෙන් එසේ පිටව ගිය ද රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, ෆිල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා, ඉෂාක් රහුමාන්, වඩිවෙල් සුරේෂ්, ඒ.එච්.එම් ෆවුසි සහ ෆයිසල් කාසිම් ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් සභාගර්භයේ දිගටම රැඳී සිටියහ.

ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම, කතා කිරීමේ නිදහස නැති කිරීම, සාමකාමී උද්ඝෝෂණයන්ට ප්‍රහාර එල්ල කිරීම සහ ජනතාව මත අධික ජීවන බරක් පටවා තිබීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන ජනාධිපතිවරයාගේ කතාව මෙසේ වර්ජනය කළ බව සමග ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා  පැවසීය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි  අමරසූරිය පමණක් ජනාධිපතිවරයා කතාව ඉදිරිපත් කරන අවස්ථාවට සහභාගී වූවාය. එම පක්ෂයේ නායක අනුර දිසානායක සහ විජිත හේරත් මන්ත්‍රීවරුන් ඉන්දීය නිල සංචාරයකට එක්ව සිටිති.

ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට ගිය අවස්ථාවේදී ඒ පැමිණි සජබ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරයා සමග විනාඩි 30කට වැඩි කාලයක් රහස් කතාබහක නිරතව සිටි බවද වාර්තාවේ.

ජනපති ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට (08) සහ අනිද්දා (09) දෙදින තුළ පැවැත්වීමට නියමිතය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image