ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ජීවිත රක්ෂණ හා දේපල රක්ෂණ වශයෙන් ආයතන දෙකක් බවට පත් කිරීම

බල රහිත කරන්නැයි ඉල්ලා රක්ෂණ පොදු සේවක සංගමයේ ලේකම් දිවාකර ඇතුගල විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

එම පෙත්සම මගින් ඔහු පෙන්වා දී ඇත්තේ 2011 අංක 3 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ සංශෝධන පනත යටතේ සියලු රක්ෂණ සමාගම් ජීවිත රක්ෂණ හා දේපල රක්ෂණ යනුවෙන් ආයතන දෙකක් ලෙස වෙන් කරන ලෙස නියෝගය කාලාවරෝධී වී ඇති බවයි.

2011 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද එම පනත මගින් ජිවිත හා දේපල වශයෙන් ආයතන දෙකක් ලෙස රක්ෂණ ආයතන වෙන් කිරීමේ කටයුතු 2015 වර්ෂයේදී අවසන් විය යුතු බව දන්වා තිබී ඇති අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එසේ වෙන් වෙන් ආයතන ලෙස සකස් කරන්නේ දැන්ය.

දිවාකර ඇතුගල සිය පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ අදාළ පනතට සංශෝධනයක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුව මගින් සම්මත කිරීමෙන් තොරව එම කටයුතු කළ නොහැකි බවට නියෝගයක් ලබාදෙන ලෙසයි.

(anidda.lk - ලසන්ත රුහුණගේ)

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image