ඉන්දීය සුපිරි සංගීතඥයෙකු වන හරිහරන්ගේ දැවැන්ත සංගීත ප්‍රසංගයක් ඊයේ (09) රාත්‍රියේ යාපනය මුට්‍ර වේලි
ක්‍රීඩාංගනයේදී පැවති අතර එම ප්‍රසංගය නැරඹීමට පැමිණි අති විශාල රසික පිරිස අතර ඇති වු අධික තදබදය හේතුවෙන් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව යාපනය පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ ප්‍රසංගය නැරඹීමට විශාල පිරිසක් පැමිණ තිබු අතර, තවත් පිරිසක් ප්‍රසංගය පැවැත්වු ක්‍රීඩාංගනයට ඇතුළු වීමට නොහැකිව සිටි බවයි.

 ක්‍රීඩාංගනයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම ද මෙම තදබදයට හේතුවූ බව පොලිසිය පවසයි.

දකුණු ඉන්දීය සිනමා නිළි තමන්නා, රම්බා ඇතුළු සිනමා නිළියන් හා නළුවන් රැසක්ද ප්‍රසංගය වෙනුවෙන් සහභාගි වි සිටියහ.

ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිස් පොලිස් රැකවල් කඩාදමාගෙන ප්‍රසංග භූමියට ඇතුළුවීම හේතුවෙන් අධික තදබදයක් ඇතිව තිබිණ.

ප්‍රසංගයේ සංවිධාකයන් පවසන්නේ ''යාල් එඩියුකේෂන් සපොර්ට් ෆන්ඩ්'' නමැති අරමුදල වෙනුවෙන් අදාළ සංගීත ප්‍රසංගය පැවැත්වු බවයි.
 
zdfsfdf

ජනප්‍රිය නිළි රම්බා ඇතුළු පිරිසට උණුසුම් පිළිගැනීමක්

ඉන්දීය සුපිරි ගායක හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් යාපනයේ පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනයට සහභාගීවීම සඳහා ඉන්දීය ජනප්‍රිය නිළි විජය ලක්ෂ්මී යාඩි නොහොත් රම්බා ඇතුළු පිරිසක් පසුගිය 06 ද යාපනයට පැමිණියහ.

07 වෙනිදා  ඉන්දීය සුපිරි ගායක හරිහරන් ද යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පැමිණි අතර මේ පිරිස යාපනයේ සංස්කෘතික පදනමේ පිරිස් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

ගායක හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී සංගීත ප්‍රසංගයක් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් යාපනයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ප්‍රසංගය ඊයේ (09) දිනට කල් දමා තිබිණ.

යාපනයේ ස්ථාන කීපයකදී මෙම ඉන්දීය කලා ශිල්පීන් සහභාගී වන ප්‍රසංග පැවැත්වීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ.
hariharan
 

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image