මෛත්‍රී අලුත් සන්ධානය ගැන ඇමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම්වරියට කියයි

 

ඇමෙරිකානු සංචාරයක නිරත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම්වරිය අතර හමුවක් සිදුව තිබේ.

හිටපු ජනපති හා අෆ්රීන් අක්තර් ලේකම්වරිය අතර හමුව පෙබරවාරි 14 වැනිදා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී සිදුව ඇත.

ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වයන් පිළිබඳව එහිදී දීර්ඝ සාකච්ඡාවක නිරත වී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වී සකස් කරන සන්ධානය සම්බන්ධයෙන් සහ ද්විපාර්ශවික කරුණු සම්බන්ධයෙන් මෙම හමුවේ දී සාකච්ඡා කර තිබේ.

එම සාකච්ජාවේ දී ගත් තීන්දු තීරණ ගණනාවක් ඉදිරි මාස කිහිපය ඇතුළත ක්‍රියාවට නැංවීමට නියමිතය බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවට දක්වන නොමසුරු සහයෝගය පිළිබඳව ද හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් හට සිය ප්‍රසාදය පළ කර ඇත. 

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදේශ කටයුතු ලේකම් සජින්ද වාස් ගුණවර්ධන, ශ්‍රීලනිප මධ්‍යම කාරක සභික, ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ සභාපති ආචාර්ය චමිල ලියනගේ සහභාගී වි තිබේ.

 
(චතුරංග මේදිස්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්