The Leader News
BREAKING
Top Ad
පුවත්

සියලු ඉන්ධන ගාස්තු නැවතත් ඉහළට : පෞද්ගලික බස් රථ ධාවනය අද (22) ඇනහිටින ලකුණු !

T

The Leader Desk

March 22, 2026 • 4:31 AM

සියලු ඉන්ධන ගාස්තු නැවතත් ඉහළට : පෞද්ගලික බස් රථ ධාවනය අද (22) ඇනහිටින ලකුණු !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382ක් වේ.
  • සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.
  • ඒ අනුව එහි නව මිල රුපියල් 443ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
  • ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් 455කි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382ක් වේ.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 443ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් 455කි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 398ක් ලෙස දැක්වෙයි.

ලංකා භූමිතෙල් මිල රුපියල් 60කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 255ක් වන ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

cey456753673567
ඉදිරියේදී ඉහළම ප්‍රතිශතයකින් මිල වැඩිවන ලකුණු !

මාර්තු මස පළවෙනිදා සිට මේ දක්වා සිදු කළ තෙල් මිල වැඩිවීම් තුනකින් ඉන්ධන මිල ගණන් විශාල ප්‍රතිශතයකින් ඉහළ දැමිණි.

අප වෙත වාර්තා වන ආකාරයට මාර්තු මාසයේ ඉන්ධන මිල වැඩීම්වලින් භූමිතෙල් මිල ගණන් 40% ඉහළ දමා ඇත. සුදු ඩීසල් මිල ඉහළ දැමීමේ ප්‍රතිශතය 36% කි. ඔක්ටේන් 92 පෙට්‍රල් මිල මාර්තු මාසය තුළ 35% කින් වැඩි විය. ඔක්ටේන් 95 සුපර් පෙට්‍රල් මිල ඉහළ යෑම 35% ක් ලෙස ද, සුපර් ඩීසල් මිල වැඩි වීමේ ප්‍රතිශතය 34% ක් ලෙස ද වාර්තා විය.

විශාල බදු ප්‍රතිශතය එලෙසමයි !

මෙලෙස ඉන්ධන මිල ගණන් විශාල ලෙස ඉහළ දැමුවද ඉන්ධන සඳහා රජය විසින් අය කරනු ලබන විශාල බදු ප්‍රතිශතය අඩු කර නොමැත.

මාර්තු මාසයේ මිල වැඩි කිරීමට පෙර ඕනෑම වර්ගයක පෙට්‍රල් ලීටරයක් සඳහා පනවා තිබූ බද්ද 41% කි. එනම් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 119/= ක් රජය බදු ලෙස ලබාගත්තේය.

එසේම ඕනෑම වර්ගයක ඩීසල් සඳහා පනවා තිබූ බද්ද 34% කි. එනම් රුපියල් 93/= කි. භූමිතෙල් සඳහා බදු පනවා තිබුණේ නැත. මෙවර සිදු කළ නව මිල වැඩි කිරීම අනුව මේවායේ බදු ප්‍රතිශත ද තවත් ඉහළ යනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

ඉන්ධන මිල මේ ආකාරයට විශාල ලෙස ඉහළ නැගීමෙන් රටේ උද්ධමන අනුපාතය තවත් 5% ත් 8% ත් අතර ප්‍රතිශතයකින් වැඩිවීමට ඉඩ ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති. භාණ්ඩ සහ සේවාවල සමස්ත මිල මට්ටම ඉහළ යාමෙන් උද්ධමනය වැඩිවීම අනිවාර්ය සාධකයක් බවද ඔවුහු වැඩිදුරටත් කියති.

මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ මාර්තු මාසයේ අගදී මෙරටට ගෙන ඒමට නියමිත ඉන්දන වල මිල ගණන් මිට වඩා බෙහෙවින් අධික විය හැකි බවයි.

WhatsApp Image 2026 03 22 at 8.31.11 AM
ලෝක වෙළ‍ඳපොළේ බොරතෙල් මිල ඩොලර් 110 සීමාව ඉක්මවයි

ලෝක වෙළ‍ඳපොළේ බොරතෙල් මිල ඊයේ දිනයේ (21) ඩොලර් 110 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව, අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළ‍ඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 112.02 කි.

අමෙරිකානු වෙළ‍ඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන වුණේ ඩොලර් 98.32 ක් ලෙසයි.

පෞද්ගලික බස් රථ සියයට 90ක් ධාවනයෙන් ඉවත් වෙයි

පෞද්ගලික බස් රථ සියයට 90ක් පමණ අද (22) දිනයේදී ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ, ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඊයේ (21) දින ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවය.

ඒ හේතුවෙන් අද (22) දින බස්රථ ධාවනය නොකිරීමට තීරණය කළ බව බස්රථ හිමියන් තමන්ට දැනුම්දුන් බව ඔහු කීය.

ඒ අනුව නව බස් ගාස්තු සංශෝධනයක් සමඟින් බස්රථ ධාවනය කිරීමට අපේක්ෂා කරන බව ගැමුණු විජේරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...