දේශපාලන බලය ලබාගැනීමෙන් පසු ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් ජනතාව සමග සාකච්ඡා කිරිමට සුදානම් බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි.


මෙතෙක් සියලු දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වූයේ එවැනි ක්‍රමවේදයකින් නොවන බවයි එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන පවසන්නේ.

දූෂණය, අල්ලස, නොහැකියාව ආදී සාධක ද දේශපාලන ක්ෂේත්‍රය කෙරෙහි ජන විශ්වාසය බිඳවැටීමට හේතුවී ඇතැයි පෙන්වා දෙන කරු පරණවිතාන, අර්බුදවලට විසඳුම් ලබාදීමේ අවස්ථාවකට රට මුහුණ දී තිබෙන බව සඳහන් කළේය.

වෙනත් දේශපාලන කණ්ඩායම් බලය ලබාගැනීමේ අරමුණෙන් පමණක් ක්‍රියා කරන බවත්, එක්සත් ජනරජ පෙරමුණ, බලයට පත්වන ඕනෑම පාර්ශවයකට ක්‍රියාවට නැංවිය හැකි අවම පොදු වැඩපිළිවෙළක් දේශය වෙනුවෙන් එක්වන පියවරක් ලෙස හඳුන්වාදීමට තීරණය කළ බව ද හෙතෙම කියා සිටියේය.

එය වර්තමාන පීඩනයෙන් ජනතාව මුදා ගැනීමේ පියවරක් බවත් ඒ පිළිබඳ ජනතාව සමග අදහස් හුවමාරු කර ගැනීම ද තම පක්ෂයේ එක් අරමුණක් බව එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන වැඩිදුරටත් පැවසීය.

(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image