ජනාධිපති ධූරය අහෝසි කරන බව පවසමින් ජනාධිපතිවරයා තවදුරටත් බලයේ සිටිමේ කුමන්ත්‍රණයක

නිරත වන බවට පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරයෙකු චෝදනා කර තිබේ.

එවැනි චෝදනාවක් සිදුකර ඇත්තේ, සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක, එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයා ය.

ජනමතය නැතිවෙච්ච පොහොට්ටු ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාමද එහි තවත් ක්‍රමන්ත්‍රණයක් බව එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත කියා සිටියේය.

"ඡන්ද කල් දාන්න දැන් ගේන අලුත්ම කුමන්ත්‍රණය තමයි මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියන කැරට් එක. ලංකාවේ ජනතාව මේ කැරට් එක කෑවා 1994 ඉඳලා. රනිල් වික්‍රමසිංහ මහත්මයාටයි ආණ්ඩුවටයි එකපාර හදිස්සියට නින්දෙන් හැරිලා වගේ මේ එකපාර ජනාධිපති ධූරය අහෝසි කරන්න කල්පනා වෙන්නේ මොකද කියලා අපිට තේරෙනවා. මේක ජනප්‍රිය මාතෘකාවක්. මේ ජනප්‍රිය මාතෘකාව පාවිච්චි කරගෙන පින් ජනාධිපතිවරයා තවදුරටත් බලයේ ඉන්න යොදන කුමන්ත්‍රණයක්. ඒ වගේම ජනමතය නැතිවෙච්ච පොහොට්ටු ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන්න කුමන්ත්‍රණයක්.”


සමගි ජන බලවේගය හැටියට අපි විධායක ජනාධිපති ධූරය අහෝසි එකඟමුත් මේ මොහොතේ ජනතාවගේ පීඩනය පිටකිරීම සඳහා, මහපොළොවේ ජනමතය සැබෑ ලෙසම නියෝජනය කරන අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.


“මාමා අගමැතිකම ජනාධිපතිකමට පත් කරගත්තා වගේ, බෑනා ජනාධිපතිකම අගමැතිකමට පත්කරන්න හීන දකිනවා ඇති. නොයෙක් කැරට් අල දෙනව ඇති. පර්මිට් එක දෙන්නම් පාර්ලිමේන්තුව කල් දාන්නම් කියලා. ඒ එකක්වත් කරන්න හම්බවෙන්නේ නැහැ.”

සැප්තැම්බර් 16 සහ ඔක්තෝබර් 16 අතර ජනාධිපතිවරණයට මුහුණ දෙන්න සුදානම් වන්නැයි ජනපතිට අභියෝග කරන මන්ත්‍රීවරයා, “ජනාධිපතිතුමාට ඡන්ද නැති එකට, එතුමාට ඉල්ලන්න පක්ෂයක් නැති එකට, අපිට කරන්න දෙයක් නැහැ.” යි වැඩිදුරටත් කියා සිටියේය.

(චතුරංග මේදිස්)
 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image