නාස්තිය, දූෂණ හා අක්‍රමිකතාවල නිරතවන්නට හා සම්බන්ධවූවන්ට දඬුවම් පැමිණවීමේ නීති රීති අතීතයට බලපාන පරිදි සැකසීම හරහා

සොරකම් කරන ලද ජාතික ධනය නැවත රටට ලබා ගැනීමට හැකි බවට එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

එසේම සැකසෙන නීති, ජාත්‍යන්තර නීති සමග අනුගත කළ යුතු බවයි නීතිඥ ශිරාල් ලක්තිලක පෙන්වා දෙන්නේ.

පවතින ගජ මිතුරු ආර්ථික ක්‍රමය පරාජය කිරීම සඳහා සිල් පද හතරක් භාවිත කළ යුතු බව ද ඔහු කියා සිටියේය.

ජාතික භෞතික සැලැස්ම ජාතික සංවර්ධනයේ න්‍යාය පත්‍රය විය යුතු බවත් ඉන් පරිබාහිරව කිසිදු සංවර්ධන කාර්යයක් සිදු නොවිය යුතු බවටයි නීතිඥවරයා අවධාරණය කරන්නේ.

ව්‍යාපෘති ශක්‍යතා අධ්‍යයනයකින් තොරව ක්‍රියාත්මක නොකළ යුතු බව මෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි පරිදි සිදුවිය යුතු යැයි හෙතෙම පවසයි.

සහන ලැබිය යුතු ජනතාව කෙරෙහිද එක්සත් ජනරජ පෙරමුණ අවධානය යොමු කර ඇතැයි පවසන එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නීතිඥ ශිරාල් ලක්තිලක සහන මත යැපීම අවසන් කරමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ කෙටිකාලීන වැඩසටහන් යෝජනා ඉදිරිපත් කිරීමටද තීරණය කර ඇතැයි වැඩිදුරටත් සඳහන් කළේය.

(චතුරංග මේදිස්)

සබැඳි ලිපියක් 
'දූෂණය, අක්‍රමිකතා හා නාස්තියට සම්බන්ධවූවන්ට දඬුවම් පැනවිය යුතුයි'


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image