පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධව සටන් කරන විප්ලවවාදීන්ගේ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාලවල

අධ්‍යාපන කටයුතුවල නිරත වන බවට විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.

මේ බොරුවෙන් ජනතාව බේරා ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පොළොන්නරුව සේවාමුක්ත කඳවුර මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 103 වැනි අදියට යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් කියා සිටියේය.

මහා සමාජවාදී විප්ලවකාරින් තමා දුවා දරුවන් පෞද්ගලික පාසල් සහ විශ්වවිද්‍යාලවලට යවන බවත් ඔවුන් රටට වාමාංශික වුවත් තම පවුලට සහ දූදරුවන්ට ධනවාදී බවයි සජිත් ප්‍රේමදාස පවසන්නේ.

ප්‍රභූවරුන්ගේ, ධානපතියන්ගේ දූදරුවන් යන පාසල් ඉහළම පහසුකම් සහිත උසස්, ජාත්‍යන්තර තලයේ පාසල් වුවත් අපේ රටේ රජයේ පාසල් 10126ම සම්පත් ඌණතාවක් දක්නට ලැබෙන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ගුණාත්මකභාවය සලකා බැලීමේ දී ජාත්‍යන්තර පාසල්වලට සාපේක්ෂව රාජ්‍ය අංශයේ පාසල්වල ගුණාත්මකභාවය අඩු බවත් මේ ආකාරයට වෙනස් ලෙස අධ්‍යාපන වරම් ලබා දීම බරපතල සමාජ අසාධාරණයක් බවයි ඔහු අවදාරණය කරන්නේ.

රටේ පාසල්වල දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම මුල් ළමා වියේ සිට ලබා දීම ආරම්භ කළ යුතු බවත් ඒ සඳහා සිංහල භාෂාව නොව ඉංග්‍රීසි භාෂාවෙන් අදාළ ඉගැන්වීම් සිදු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 


(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image