The Leader News
BREAKING
Top Ad
පුවත්

රාජකාරියේ යෙදී සිටි දෙමළ මාධ්‍යවේදීන්ට උතුරේ හමුදා හිරිහැර

T

The Leader Desk

February 23, 2024 • 4:02 PM

රාජකාරියේ යෙදී සිටි දෙමළ මාධ්‍යවේදීන්ට උතුරේ හමුදා හිරිහැර  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගිය බැතිමතුන්ගේ දෙමළ මාධ්‍යවේදීන් තිදෙනකු විසින් රූගත කරන ලද වීඩියෝ සහ ඡායාරුප බලහත්කාරයෙන් මකා දැමූ බවට ශ්‍රී ලංකා හමුදාව චෝදනාවට ලක්ව සිටී.
  • ප්‍රභාකරන් දිලක්ෂන්, සුන්දරම්පිල්ලේ රාජසේකරන් සහ සින්නයියා යෝගේස්වරන් හමුදා ආක්‍රමණයට ලක්ව ඇති කෝවිල් හතක පුද පුජා පැවැත්වීමට අවසර ලත් හින්දු භක්තිකයන් පිරිසක් සම්බන්ධයෙන් සිකුරාදා (23) වාර්තා කරමින් සිටියහ.
  • යාපනයේ වලිකාමම් උතුරේ හින්දු කෝවිල් 24ක් සහ කතෝලික පල්ලි දෙකක් යුද්ධය අවසන් වී වසර 15කට ආසන්න කාලයක් ආරක්ෂක සේනා පාලනය යටතේ පවතී.
  • මාධ්‍යවේදීන් තිදෙනා යාපනයේ පලාලි - වාසවිලාන් ප්‍රදේශය අසලට ගොස් ඇත්තේ තිස් දෙනකුගෙන් පමණ සමන්විත වන්දනාකරුවන් පිරිස හමුදා කඳවුර ඉදිරිපිට සෝදිසි කර, ලේඛනගත කොට බස් රියකට නංවා ගනු වාර්තා කිරීමටය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගිය බැතිමතුන්ගේ දෙමළ මාධ්‍යවේදීන් තිදෙනකු විසින් රූගත කරන ලද වීඩියෝ සහ ඡායාරුප බලහත්කාරයෙන් මකා දැමූ බවට ශ්‍රී ලංකා හමුදාව චෝදනාවට ලක්ව සිටී.

ප්‍රභාකරන් දිලක්ෂන්, සුන්දරම්පිල්ලේ රාජසේකරන් සහ සින්නයියා යෝගේස්වරන් හමුදා ආක්‍රමණයට ලක්ව ඇති කෝවිල් හතක පුද පුජා පැවැත්වීමට අවසර ලත්  හින්දු භක්තිකයන් පිරිසක් සම්බන්ධයෙන් සිකුරාදා (23)  වාර්තා කරමින් සිටියහ.

යාපනයේ වලිකාමම් උතුරේ හින්දු කෝවිල් 24ක් සහ කතෝලික පල්ලි දෙකක් යුද්ධය අවසන් වී වසර 15කට ආසන්න කාලයක් ආරක්ෂක සේනා පාලනය යටතේ පවතී. එයින් කෝවිල් හතක පමණක් ආගමික වතාවත් සිදු කිරීමට යුද හමුදාව අවසර දී තිබේ.

මාධ්‍යවේදීන් තිදෙනා යාපනයේ පලාලි - වාසවිලාන් ප්‍රදේශය අසලට ගොස් ඇත්තේ  තිස් දෙනකුගෙන් පමණ සමන්විත වන්දනාකරුවන් පිරිස හමුදා කඳවුර ඉදිරිපිට සෝදිසි කර, ලේඛනගත කොට බස් රියකට නංවා ගනු වාර්තා කිරීමටය. අධි ආරක්‍ෂිත කලාපයක් (HSZ) අවට රූගත කිරීම් තහනම් බව පවසමින් හමුදාව ඊට විරුද්ධ වී තිබේ.

දෙමළ මාධ්‍යවේදීන් පෙන්වා දී ඇත්තේ හමුදා පාලනය යටතේ පවතින ප්‍රදේශයක වසර 34කට පසු සිද්ධස්ථාන වෙත පැමිණීම සම්බන්ධයෙන් බැතිමතුන්ගේ අදහස් දැනගැනීම සඳහා පමණක් ඔවුන් සමඟ කතා කරන බවයි.

"හමුදාව මගේ නම සහ විස්තර සටහන් කර මගේ පින්තූරයකුත් ගත්තා," යි ප්‍රභාකරන් දිලක්සන් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසීය.

හින්දු බැතිමතුන්ට සිකුරාදා දිනවල ඔවුන්ගේ කෝවිල් නැරඹීමට අවසර ලබා දී ඇති අතර කිතුනුවන්ට ඉරිදා ද එය ලබා දී ඇත. කෙසේ වෙතත්, සියලුම බැතිමතුන් ඔවුන්ගේ පැමිණීමට පෙර ලියාපදිංචි වීමට හමුදාව නියෝග කර තිබේ.

Vali north journalists 1

Vali north journalists 2


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...