leader s

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටින බවත්, එය නියාමනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය

කිසිඳු පියවරක් ගෙන නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය ප්‍රසාද් හේරත් පැවසුවේ සෑම නගරයකම ප්‍රධාන ගම් ආශ්‍රිතව, ආසන්න වශයෙන් ව්‍යාජ වෛද්‍යවරුන් තුන් හතරදෙනෙකු පමණ සිටින බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය ප්‍රභාත් සුගතදාස එම ප්‍රවෘත්ති සාකච්ජාවේදී පැවසුවේ ඇතැම් ඖෂධ වෙළෙඳසැල්වල ක්‍රියාකාරීත්ව ද සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල තර්ජනයක් එල්ල කරන බවය.

වෛද්‍ය නිර්දේශයක් නොමැතිව රෝග ලක්ෂණ අනුව ඖෂධ වෙළෙඳසැල්වල පිරිස විසින් රෝගීන් ට ඖෂධ ලබාදීම හේතුවෙන් රෝගීන් මරණයට පවා ලක්විය හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

මේ හේතුවෙන් නිසි නියාමනයක් වහාම සිදුකර යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.
 

 

 

 

 


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්