leader s

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි සී.ටී.ස්කෑන් යන්ත්‍රය අක්‍රීයවීම හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවයකට

පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මාසයක පමණ කාලයක සිට මෙම තත්ත්වය පැවතීම මත හදිසි අනතුරුවලට ලක්වන රෝගීන් මෙන්ම හදිසි පරීක්ෂණ කිරීම පිනිස රාගම සහ කොළඹ ජාතික රෝහල් වෙත රෝගීන් මාරුකර යැවීමට සිදුව ඇති බව මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය.

ගම්පහ රෝහලට ඉතා අවශ්‍යව පැවති මෙම ස්කෑන් යන්ත්‍රය මීට වසර කිහිපයකට පෙර ලැබී ඇති අතර මේ වනවිට ඊට යෙදිය යුතු කොටසක් සවිකළ යුතුව ඇති මුත් අදාල සමාගමෙහි වගකීම් කාලය අවසන් බැවින් වාර්ෂික සේවා ගිවිසුම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අත්සන් කිරීම සිදු නොවීම මත මෙය අලුත් වැඩියා කිරීම පමාවී ඇති බව දැනගන්නට ඇත.


රෝගීන්ට දුෂ්කරතා

ගම්පහ මහ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය මාසයක් තිස්සේ අක්‍රිය වීමෙන් රෝගීන්ට දුෂ්කරතා සිදුව ඇතැයි විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති, චානක ධර්මවික්‍රම සඳහන් කළේ, ඒ හේතුවෙන් දෛනිකව සිදුකරන පරීක්ෂණ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි.

එම ස්කෑන් යන්ත්‍රයෙන් දෛනිකව රෝගීන් 50කට වැඩි ප්‍රමාණයකගේ පරීක්ෂණ සිදු කෙරෙන බව ද ඔහු සඳහන් කළේ ය.

දැනට යන්ත්‍රය අක්‍රීයව පැවතීම හේතුවෙන් රෝගීන් වෙනත් රෝහල් කරා යැවීමට සිදුව තිබීම කෙරෙහි අවධානය යොමු කොට එය අලුත්වැඩියා කිරීමට අදාල බලධාරීන් අවශ්‍ය පියවර ගතයුතුව ඇත.

 


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්