The Leader News
BREAKING
පෙන්ටගනය වෙනිසියුලානු තෙල් බිමට බසිද්දී මිලින්ද මොරගොඩගෙන් හෙළිදරව්වක්●'කෘතිම බුද්ධිය' සමග අපි යන්නෙ කොහේටද? | කුසල් පෙරේරා●ඇඟලුම් කර්මාන්තය රැකගන්න විදුලි වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ ඉල්ලයි●බැංකු පද්ධතියේ AI පිම්ම හමුවේ මූල්‍ය ආරක්ෂාව අවදානමේ●රේගුවේ ආදායම් වාර්තාව සහ ප්‍රතිසංස්කරණවල සැබෑ ගැඹුර●මැදවාර සටනේ ට්‍රම්ප්ගේ ආර්ථික කතාව සහ බිම් මට්ටමේ ඇත්ත●ජීවන බරට එරෙහි ප්‍රංශ විරෝධතා මැද දැඩි ආරක්ෂාවක්●හරිනිගේ නිහඬතාව සහ අතරමං වූ ස්ත්‍රීවාදය●ස්ත්‍රී දූෂණයට එරෙහි ස්වයං ආරක්ෂිත පියවරක් :  'Rape-aXe' ට  දැඩි විවේචන ●කෙන්යානු මලල ක්‍රීඩා ක්ෂේත්‍රය කැලඹෙයි: ලෝක මැරතන් ශූරිය තහනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා!●
Top Ad
පුවත්

ආහාර ඇණවුම ප්‍රමාද වූ බව පවසා කුවේට් හිදී ලාංකිකයෙකුට වෙඩි තියලා

T

The Leader Desk

February 24, 2024 • 4:54 AM

ආහාර ඇණවුම ප්‍රමාද වූ බව පවසා කුවේට් හිදී ලාංකිකයෙකුට වෙඩි තියලා 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ රාජාංගනය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 44ක දෙදරු පියෙකි. මොහු වසර 08ක් පමණ කුවේට් රාජ්‍යයේ රැකියාව කර ඇත.
  • ආහාර ඇණවුම් රැගෙන යන රියදුරකු වශයෙන් මොහු රැකියාව සිදු කර ඇති අතර, ඉකුත් ජනවාරි 10 වැනි දා ලද ඇණවුමක් රැගෙන යාමේ දී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
  • රැගෙන ගිය ආහාර ඇණවුම ප්‍රමාද වී ඇති බව පවසා අදාළ පාරිභෝගිකයා තමාට වෙඩි තැබූ බව තුවාලකරු පවසයි.
  • වෙඩි තැබීමෙන් තුවාලකරුගේ උදරය ප්‍රදේශයට බරපතළ තුවාල සිදු ව ඇති අතර, ඔහුට මැහුම් 40ක් ද දමා ඇතැයි වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ රාජාංගනය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 44ක දෙදරු පියෙකි. 

මොහු වසර 08ක් පමණ කුවේට් රාජ්‍යයේ රැකියාව කර ඇත.

ආහාර ඇණවුම් රැගෙන යන රියදුරකු වශයෙන් මොහු රැකියාව සිදු කර ඇති අතර, ඉකුත් ජනවාරි 10 වැනි දා ලද ඇණවුමක් රැගෙන යාමේ දී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

රැගෙන ගිය ආහාර ඇණවුම ප්‍රමාද වී ඇති බව පවසා අදාළ පාරිභෝගිකයා තමාට වෙඩි තැබූ බව තුවාලකරු පවසයි.

වෙඩි තැබීමෙන් තුවාලකරුගේ උදරය ප්‍රදේශයට බරපතළ තුවාල සිදු ව ඇති අතර, ඔහුට මැහුම් 40ක් ද දමා ඇතැයි වාර්තා වේ.

වෙඩි වැදීමෙන් පසු තුවාලකරු, සිය මෝටර් රථයෙන්ම නැවත පැමිණ ඇති අතර, අතරමඟ රථය නවතා සිය ඉන්දියානු මිතුරකුට දුරකථන ඇමතුමක් ලබා දී සිද්ධිය පිළිබඳ පවසා ඇත.

ඉන් පසු ඔහු ව රෝහල්ගත කර ඇත.

තුවාලකරුට 13 හැවිරිදි සහ 10 හැවිරිදි පාසල් යන දියණියන් දෙදෙනෙකු ද සිටින අතර, ඔහු ඉල්ලා සිටින්නේ, සාධාරණයක් ඉටු කර තමා ව ලංකාවට ගෙන්වාගන්නා ලෙසයි.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...