leader s

කුවේට් රාජ්‍යයේ රැකියාවක නිරතව සිටියදී වෙඩි වැදී ඔත්පලව අසරණ වී සිටින ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ පුවතක් වාර්තාවේ.


මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ රාජාංගනය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 44ක දෙදරු පියෙකි. 

මොහු වසර 08ක් පමණ කුවේට් රාජ්‍යයේ රැකියාව කර ඇත.

ආහාර ඇණවුම් රැගෙන යන රියදුරකු වශයෙන් මොහු රැකියාව සිදු කර ඇති අතර, ඉකුත් ජනවාරි 10 වැනි දා ලද ඇණවුමක් රැගෙන යාමේ දී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

රැගෙන ගිය ආහාර ඇණවුම ප්‍රමාද වී ඇති බව පවසා අදාළ පාරිභෝගිකයා තමාට වෙඩි තැබූ බව තුවාලකරු පවසයි.

වෙඩි තැබීමෙන් තුවාලකරුගේ උදරය ප්‍රදේශයට බරපතළ තුවාල සිදු ව ඇති අතර, ඔහුට මැහුම් 40ක් ද දමා ඇතැයි වාර්තා වේ.

වෙඩි වැදීමෙන් පසු තුවාලකරු, සිය මෝටර් රථයෙන්ම නැවත පැමිණ ඇති අතර, අතරමඟ රථය නවතා සිය ඉන්දියානු මිතුරකුට දුරකථන ඇමතුමක් ලබා දී සිද්ධිය පිළිබඳ පවසා ඇත.

ඉන් පසු ඔහු ව රෝහල්ගත කර ඇත.

තුවාලකරුට 13 හැවිරිදි සහ 10 හැවිරිදි පාසල් යන දියණියන් දෙදෙනෙකු ද සිටින අතර, ඔහු ඉල්ලා සිටින්නේ, සාධාරණයක් ඉටු කර තමා ව ලංකාවට ගෙන්වාගන්නා ලෙසයි.


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්