බංග්ලාදේශයේ ඩකා අගනුවර ජාතික ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන 2026 සාෆ් කුසලාන පාපන්දු ශූරතාවලියේ ඉදිරි තරග සඳහා VAR (Video Assistant Referee) ක්‍රමවේදය භාවිතා කිරීමට දකුණු ආසියානු පාපන්දු සම්මේලනය (SAAF) තීරණය කර තිබෙනවා. සාෆ් කුසලානයට මේ ක්‍රමවේදය යොදා ගන්නේ ප්‍රථම වතාවටයි.
සාෆ් පාපන්දුවේ තරග විනිශ්චයේ තත්ත්වය ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම පිණිස යොදා ගැනෙන මේ ක්‍රමවේදය අද ඉන්දියාව හා භූතානය අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රථම වතාවට භාවිතාවට ගැනෙන අතර ඉන්පසුව රාත්‍රියේ ක්‍රීඩා කෙරෙන බංග්ලාදේශය හා පාකිස්තානය අතර දෙවැනි අවසන් පූර්ව තරගය වෙනුවෙනුත්, නොවැම්බර් 17 වැනිදා පැවැත්වෙන අවසාන තරගය සඳහාත් VAR ක්‍රමවේදය පාවිච්චි කිරීමට සාෆ් සංවිධායකයින් කටයුතු යොදා තිබෙනවා.
කෙසේ වෙතත්, මේ තරග සඳහා යොදා ගැනෙන්නේ VAR තාක්ෂණයේ දුරස්ථ ක්‍රමවේදයක්. මේ යටතේ තරගයේ සජීවී දර්ශන තායිලන්තයේ පිහිටි මධ්‍යගත VAR මෙහෙයුම් මධ්‍යස්ථානයකට සම්ප්‍රේෂණය කෙරෙන අතර එහිදී සහතික ලත් වීඩියෝ තරග නිලධාරීන් ප්‍රධාන වශයෙන් ක්‍රීඩකයින්ගේ ‘ඔ්ෆ් සයිඩ්’ ක්‍රීඩාව ඇතුළු සිදුවීම් පුනරීක්ෂණය කරමින් තරග පිටියේ සිටින විනිසුරුවන්ට තීරණ ගැනීම සඳහා සහාය වනවා.

VAR කණ්ඩායම ඔවුන්ගේ තීරණ සහ නිර්දේශයන් ඩකා හි සිටින නිලධාරීන් වෙත කෙළින්ම සන්නිවේදනය කිරීමට නියමිතයි.
මේ දුරස්ථ VAR ක්‍රමවේදය සියලුම ආසියානු ශූරතාවලියන්ට යොදා ගෙන තිබෙන බැවින් සාෆ් තරග වෙනුවෙන් ද එය භාවිතා කිරීම පිණිස SAAF සංවිධායකයින් ආසියානු පාපන්දු සම්මේලනය (AFF) සමග සහයෝගීව ක්‍රියා කරන බවට වාර්තා වනවා.
මේ සඳහා වන උපකරණ තායිලන්තයෙන් ගෙන්වා ගැනීමට හැකියාව තිබුණ ද, ඒ සඳහා යන අධික වියදම සැලකිල්ලට ගනිමින් දුරස්ථ ක්‍රමවේදය පාවිච්චි කිරීමට සාෆ් සංවිධායකයින් තීරණය කර තිබෙනවා. මේ පද්ධතිය භාවිතා කිරීමේදී එක් තරගයක් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 800 – 900 මුදලක් වැය වන බව සංවිධායකයින් පවසනවා.
බැංකොක් නුවරින් තීරණ ලබා ගැනීමේදී ප්‍රමාදයක් නොවනු ඇතැයි සංවිධායකයින් විශ්වාස කරනවා.




